රොටඹෙ අමිල නැමැත්තා විසින් මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකර ඝාතනය මෙහෙවා ඇතැයි අනාවරණය වී ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය පවා වාර්තා කළ ද මේ වනවිට රොටුඹේ අමිල නැමැති පාතාල අපරාධකරු රුසියානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ පසුවන බව අනාවරණය වී ඇත.
පසුගිය මාර්තු මාසයේ දී රොඹේ අමිල රුසියානු ආරක්ෂක අංශ අත් අඩංගුවට පත්වන අවස්ථාවේ දීම ඔහුගේ රතු වරෙන්තුව සම්බන්ධ අනාවරණය වී තිබුණ ද ඔහු අත් අඩංගුවට පත් වන්නේ විසා ව්‍යාජ ලෙස ලබා ගෙන ඇති බව අනාවරණය වීමෙනි.
එතැන් සිට ඔහු සම්බන්ධව ආගමන විගමන නීතිය යටතේ නඩුවක් පවත්වාගෙන යන බවත් නඩුව තව මාසයක් තුළ නිමා වීමට නියමිත බවත් දැනගන්නට ඇත.
මේ වනවිට රොටුඹේ අමිල දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛණ නෛතික තත්ත්ව තුළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හරහා සම්පූර්ණ කර ඇති බවත්, මේ වනවිට රුසියානු අධිකරණයේ විභාග වෙමින් ඇති නඩුව නිමා වූ වහාම ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවත් විමර්ශන අංශ කියයි.







