පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් අසාමාන්‍ය ලෙස කොල්ල කෑ කෞතුක භාණ්ඩ අතර ආභරණ 19 වැනි සියවසේ ප්‍රංශ ඉතිහාසය රූපණය කරන කවුළුවක් වසා දැමීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විමර්ශකයින් අපරාධකරුවන් සොයන තියුණු මෙහෙයුමකය. මේ වනවිට දෙවැනි දිනයටත් ලූවර් කෞතුකාගාරය වසා දමා ඇත. , ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශයට අනුව, සොරකම් කරන ලද භාණ්ඩ මෙසේය. :
- Iවන නැපෝලියන්ගේ දෙවන බිරිඳ වන මාරි-ලුයිස් අධිරාජිනියගේ එමරල්ඩ් මාලය
- මාරි-ලුයිස් අධිරාජිනිය විසින් පැළඳ සිටින එමරල්ඩ් කරාබු
- IIIවන නැපෝලියන්ගේ බිරිඳ වන ඉයුජිනි අධිරාජිනිය විසින් පැළඳ සිටි ඔටුන්න
- ඉයුජිනි අධිරාජිනියගේ බෲච් එක ( හාරිච්චිය )
- 1830-1848 ප්‍රංශයේ රැජින වූ මාරි-ඇමලි රැජින සහ හෝර්ටෙන්ස් රැජින විසින් පැළඳ සිටි ඔටුන්න
- මාරි-ඇමලි රැජින සහ හෝර්ටෙන්ස් රැජින විසින් පැළඳ සිටින නිල් මැණික් මාලය
- රෙලිකුවරි බෲච් ලෙස හැඳින්වෙන හාරිච්චිය.

කයේ වැඩිම දෙනෙක් නරඹන කෞතුකාගාරය වන්නේ පැරිසියේ ලූවර් කෞතුකාගාරය ය. මෙම කෞතුකාගාරය බිඳින්නේ මහ දවාලේය. කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කර ටික වේලාවකින් අනතුරුව, එනම් දේශීය වේලාවෙන් උදෑස 9.30-9.40 අතර විනාඩි 07ක කාලයක් තුළ මෙම කොල්ල කෑම සිදුකර තිබිණි.
ඔවුහු ඉහත ඉතාම වටිනා ආභරණ අට රැගෙන ස්කූටර්වලින් පලා ගොස් තිබිණි. සියලුම සී.සී.ටී.වී දර්ශන අධ්‍යයනය කරමින් ප්‍රංශ පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබේ.
හොරුන් කෞතුකාගාරයට ඇතුළු වී තිබුණේ සේන් ගඟට ආසන්න බැල්කනියකිනි. බැල්කනියට ප්‍රවේශ වීමට මෙම සොරුන් හතර දෙනාවාහනයක සවිකර ඇති යාන්ත්‍රික සෝපානයක් භාවිතා කර තිබුණහ. සොරුන් දෙදෙනෙක් බැටරි බලයෙන් ක්‍රියාත්මකවන වීදුරු කපනයකින් වීදුරු කපා ඉවත් කර කෞතුකාගාරය වෙත ඇතුළු වී තිබිණි.
ඉන්පසු ඔවුන් ආරක්ෂකයින්ට තර්ජනය කර එම ආරක්ෂකයින් පරිශ්‍රයෙන් ඉවත් කර, වීදුරු ප්‍රදර්ශන කුටි දෙකක තිබූ භාණ්ඩ සන්සුන් ලෙස සොරකම් කරනු දර්ශනවල දක්නට ඇතැයි බීබීසි ය කියයි.
මෙය ප්‍රංශයට “ඉතා වේදනාකාරී” සිදුවීමක් බව ප්‍රංශ සෙනෙට් සභාවේ මූල්‍ය කමිටුවේ සාමාජිකාවක් වන නටාලි ගුලට් පැවසුවාය.
“අපි හැමෝම කලකිරීමට හා කෝපයට පත්ව සිටිමු,” ඇය පැවසුවාය, “එය එතරම් පහසුවෙන් සිදු වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට අපහසුය.” ගුලට් කීවාය.
ගූලට් බීබීසීයට පැවසුවේ ගැලරියේ ස්ථානගත කළ අනතුරු ඇඟවීමේ සංඥා මෑතකදී කැඩී ගොස් ඇති බවය. “එලාම් අක්‍රිය කර ඇත්දැයි දැන ගැනීමට අපට විමර්ශනය සඳහා බලා සිටීමට සිදුවනවා”. ඇය කීවාය.
එහෙත් ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ කෞතුකාගාරයේ පුළුල් අනතුරු ඇඟවීම් නාද වූ බවත් කාර්ය මණ්ඩලය ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගනිමින් සහ අමුත්තන් ආරක්ෂා කිරීමෙන් ප්‍රොටෝකෝලය අනුගමනය කළ බවත්ය.
සංස්කෘතික අමාත්‍ය රචීඩා දාටි ප්‍රංශ ප්‍රවෘත්ති ආයතනයක් වන TF1 වෙත පවසා තිබුණේ සොරකමේ දර්ශනවල මුහුණු ආවරණ පැළඳගත් කොල්ලකරුවන් “සන්සුන්ව” ඇතුළු වී ආභරණ අඩංගු ප්‍රදර්ශන පෙට්ටි කඩා දමන ආකාරය පෙන්නුම් කළ බවයි. සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු නොවීය.
මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශකයින් 60 ක් පමණ කටයුතු කරමින් සිටිති නඩු පවරන්නන් විශ්වාස කරන්නේ මෙම කොල්ලකරුවන් අපරාධ සංවිධානයක නියෝග මත ක්‍රියාත්මක වී ඇති බවය.







