බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍ය කැඳවා බෙලි අත්තේ සනා ගැන හිතෙන හිතෙන බොරු  කී බව විමල් පොලිසියේ දී  පිළිගත්තා… පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක්!

විමල්ට  එරෙහි නඩුවක් ගොනු කරන්න පොලිසිය තීන්දු කරයි...

by editor
ඔක්තෝබර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන තොරතුරක් හෝ කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව විමල් වීරවංශට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය අද නිවේදනය කළේය.

ඒ මත්ද්‍රව්‍ය චෝදනා මත අත් අඩංගුවට ගැනුන වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නැමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජියෙක් යැයි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ විමල් වීරවංශ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව සිදුකළ විමර්ශනයට අදාල තොරතුරු මත පදනම්වය.

මෙම විමර්ශනයට අදාලව ඊයේ තංගල්ල අපරාධ කොට්ඨාස විමර්ශන අංශය ඔහු කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

පසුගිය 02 දා විමල් වීරවංශ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ පුවක්දණ්ඩාවේ සනා හෙවත් බෙලිඅත්තේ සනා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක් බවත් පසුගිය පළත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවරයා අවසන් රැස්වීම ඇමතීමෙන් අනතුරුව ආහාර ලබා ගැනීමට ගියේත් පුවක්දණ්ඩාවේ සනාගේ නිවසට බවය.

ඔහු සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියට අදාලව සැපැත්ම්බර් මස 22 දා  අත් අඩංගුවට ගනු ලැබුව ද ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයින්ගේ බලපෑම මත ඔහු නිදහස් කිරීමට පොලිසියට සිදුවූ බව ද විමල් වීරවංශ කීවේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

පුවක්දණ්ඩාවේ සනා ජනතා විමුක්ති පෙරමුණයට යහමින් මුදල් හදල් වියදම් කළ එම පක්ෂයේම ප්‍රබලයෙක්ව සිටිමින් සීනිමෝදරදී හසුවුන මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ඇද්දේ සිය බෝට්ටුවලින් බව එම මාධ්‍ය හමුව කැඳවා විමල් වීරවංශ පැවසුවේය. පහත දැක්වෙන්නේ එම මාධ්‍ය සාකච්ඡාවය.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් පවත්වන ලෙස රජය පාර්ශවයෙන්  ඉල්ලා සිටින්නේ බෙලිඅත්තේ සනා හෙවත් පුවක්දණ්ඩාවේ සනා සමග ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැති බව ප්‍රකාශ කරමිනි.

මේ තත්ත්වය තුළ විමල් වීරවංශට ප්‍රකාශයක් ලබා දීමට තංගල්ල පොලිසියට පැමිණෙන ලෙස දන්වා සිටියත් මුල් අවස්ථාවේ දී ඔහු තමා අසනීප බව කියමින් එම පැමිණීමෙන් වැලකී වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහුට ඊයේ (09) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස පො දින ලබා දී තිබුණු බැවින් නීතිඥයෙක් සමග ඔහු පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

එහිදී ඔහු කළ ප්‍රකාශය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයකින් ප්‍රකාශ කර තිබිණි.

එම නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පුවක් දණ්ඩාවේ සනා නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් සරත් වීරසිංහ තමා විසින් කිසි දිනක දැක නොමැති බවය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක තමන්  හඳුනා ගෙන නොමැති බවත් විමල් වීරවංශ පවසා තිබිනි.

මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත් ඔහු පොලිසියට කීවේය.

වීරසිංහගේ සරත් නොහොත් බෙලි අත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කළ තොරතුරු මත බව විමල් වීරවංශ පැවසුවේය.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ  ජනාධිපතිවරයා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලි අත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවත් හෙතෙම කීවේය.

වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කළ හැකි බවට තමා තුළ පැවති විශ්වාසය හේතුවෙන් බවත් විමල් කීවේය.

එමෙන්ම  2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ  සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී  විමර්ශන අංශ වෙත ඉදිරිපත් කර නොතිබිණි.

එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව   අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබන බවත් මේ පිලිබඳ නිවේදනය නිකුත් කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනය හරහා දන්වා සිටියේය.

 

මේ ලිපියත් කියවන්න…

සීනිමෝදර දී හමුවුන බිලියන ගණනක මත්ද්‍රව්‍ය රට තුළට ගෙනා බෙලිඅත්තේ සනා සහ ජවිප සම්බන්ධය ගැන කී විමල්ගෙන් වැඩි තොරතුරු දැනගන්න තංගල්ල පොලිසියෙන් කැඳවීමක්!

Share69Tweet43
Previous Post

ආණ්ඩුව වෙනුවෙන් අගමැතිනියත් විපක්ෂය වෙනුවෙන් සුජීව සේනසිංහත් පාර්ලිමේන්තුව තුළ කදිම සංවාදයක් ගොඩ නැගූ හැටි…

Next Post

මගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර පොලිසිය මාධ්‍යයට දීලා… මේ ස්වාධීන පොලිසියක් නොව ආණ්ඩුවේ මඩ බලකායක්… විමල් ගෙන් දැඩි චෝදනාවක්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.