සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව වෙනුවෙන් අගමැතිනියත් විපක්ෂය වෙනුවෙන් සුජීව සේනසිංහත් පාර්ලිමේන්තුව තුළ කදිම සංවාදයක් ගොඩ නැගූ හැටි…

by editor
ඔක්තෝබර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් කොමිසම විසින් කොමිසම සතු එක් බලතයක් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම පොලිස්පතිවරයා වෙත පැවරීමට තීරණය කර ඇත්තේ මේ වනවිට මත්ද්‍රව්‍ය පාතාලය සහ දේශපාලනය එක් ජාලයක්ව සිදුකරන බරපතල අපරාධය වළක්වා ගැනීම සඳහා පොලිසිය භූමියේ මෙහෙයවන විශාල මෙහෙයුම ප්‍රායෝගික කරගැනීමට බව අගමැතිනිය අද (10)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

ඇය පැහැදිලි කළේ මේ කිසිම අවස්ථාවක ව්‍යවස්ථානුකූල පොලිස් කොමිසමේ බලය අවභාවිතා වීමක්, කප්පාදු වීමක්, කිසිසේත්ම සිදුවී නැති බවය.  එමෙන්ම ජාලයට පොලිසිය මෙන්ම හමුදාවත් යම් පිරිස් වශයෙන් සම්බන්ධ වී ඇති බැවින් මෙහෙයුම සඳහා තමන්ට විශ්වාසනීය කණ්ඩායම් පත් කරගැනීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය පොලිස්පතිවරයා වෙත පැන නගින බව ඇය පෙන්වා දුන්නාය.

ඇය පැවසුවේ මේ වනවිට අනවශ්‍ය ලෙස කලබල වී ඇත්තේ තමන් වෙත විමර්ශන ලං වනවිට  කලබල වන පිරිස්වල ඝෝෂාව බවය.

අගමැතිනිය මේ කතාව සිදුකරන විට පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස යෝජනාව ඉදිරිපත් කළ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ඇතුළු තවත් කීප දෙනෙක් පමණක් ඉතිරිව සිටියේය. අනතුරුව සුජීව සේනසිංහ සහ අගමැතිනී හරිනි අතර ඇති වන්නේ ඉතාම සංයමයකින් යුතු විදග්ධ සංවාදයකි.

අගමැතිනියගේ වෙලාව ලබා දෙමින් සුජීව සේනසිංහ ප්‍රශ්න ඇසීමට ඉඩ සලස්වා ආණ්ඩුවේ මතය ප්‍රකාශ කිරීමේ පරිණත අවස්ථාවක් බොහෝ කාලයකට පසු පාර්ලිමේන්තුවේ දක්නට ලැබුණ බව කිව යුතුය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අගමැතිනිය මෙසේ කීවාය.

“ව්‍යවස්ථාව උල්ලංඝණය වන කිසිම දෙයක් වෙලා නෑ. පොලිස් කොමිසමේ  බලයටයටත් අයි.ජී.පී. පොලිස් කොමිසම අයි.ජි.පි. ට බලය ලබා දීලා තිබෙන්නේ  ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමට.  එම මාරුවිම් කළ යුත්තේ පොලිස් කොමිසමෙන් දෙන ගයිඩ් ලයින්වලට අනුව. ඒ තීරණවලට විරුද්ධ නම් ඇපීල් කරන්න ඒ හා සමාන අවස්ථා තුනක් තියනවා. පොලිස් කොමිසමට, පරිපාලන විනිශ්චයාධිකරණයට. නැතිනම් එෆ්ආර් එකක් දාන්න පුලුවන්. පොලිස්පතිට තනි මතයට කටයුතු කරන්න බෑ”

එහිදී සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ඇසුවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවූයේ කොමිසම සතු බලය පිටතට බෙදා දීමට නොවන බවය.  එය විය නොහැකි බවත් මේ යෝජනාව අතිශය වැදගත් වීමට ප්‍රබල හේතුවක් තිබිය යුතු බවත් ඒ හේතුව කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් මන්ත්‍රීවරයා අගමැතිනියගෙන් ඉල්ලුවේය.

“රටේ පොලිසිය කරන කාර්ය භාර්ය ගැන තේරුම් ගනිමු.  ඔවුන් මේ වෙලාවේ මත්ද්‍රව්‍යයට එරෙහිව කරන වැටලීම් ඉතාම වැදගත්. අපි හොදින්ම දන්නවා මත්ද්‍රව්‍ය නිකම් ගේන එකක් නෙමෙයි.  එම මත් ද්‍රව්‍ය ජාලය පාතාලය එක්ක සම්බන්ධයි. දේශපාලනය එක්කත් සම්බන්ධයි. ඒක මේ සියලු දෙනා දන්නවා. මෙන්න මේ මත්ද්‍රව්‍යත්  පාතාලයත් දේශපාලනයත් අතර තියන නෙට්වර්ක් එක කඩන එක තමයි මේ වෙලාවේ අපට කරන්න පුලුවන් ලොකුම දේ. ප්‍රමුඛතාවයක් ඇතිව කරන්න ඕන වැඩේ. “

“දරුවන් ගලවා ගන්න නම්  තරුණ පරපුර ගලවා ගන්න නම්, ගෘහස්ථ හිංසනය නවත්වා ගන්න නම්, අපේ සමාජ අර්බුදය වළක්වා ගන්න නම්  මෙන්න මේ තුන අතර තියන සම්බන්ධය අපි කඩන්න ඕන. අන්න ඒක වෙනුවෙන් තමයි අපි මේ වෙලාවේ මැදිහත් වෙන්නේ. “

“මේ වෙලාවේ පොලිසිය මැදිහත් වෙන විදිහට ඒ හා කාර්යක්ෂමව පොලිස් කොමිසමත් වැඩ කරන්න ඕන. ඒක නිසා තමයි පොලිස් කොමිෂන් එක ඔවුන්ගේ මේ ඕඅයිසී කෙනෙක් පත් කිරීමේ බලය පමණයි මේ පොලිස් කොමිසම ලබා දීලා තියෙන්නෙ අයි.ජී.පීට. “

“සභාපති තුමා…   මේ   ත්‍රිත්වයට එරෙහිව කරන මේ සටනේදි අපි හොඳින් දන්නවා ඇතුළත් මේකට සම්බන්ධයි කියලා. අපි කැමති උනත් නැති වුනත් පොලිසියේ සම්බන්ධතා තියනවා. බන්ධනාගාරයේ සම්බන්ධතා තියනවා. අධිකරණයේ සම්බන්ධතා තියනවා. මේ වනවිටත් පොලිසියේ 400කගේ වැඩ තහනම් කරලා තියනවා. 2000කට චාජ් ෂීට් භාරදීලා තියනවා. “

“හමුදාවෙ කට්ටියත් මේකට සම්බන්ධයි. එවැනි තත්ත්වයක් තුළ ඇතුළත් අපට සුද්ද කරන්න සිද්ධ වෙලා තියනවා. ඇතුළ සුද්ද කරන්න නම් ඒ තමන් භාරයේ ඉන්න පොලිසියෙ කණ්ඩායම ගැන හොඳම ඇගයීම තියෙන්නේ පොලිස්පති තුමාට. පොලිස්පති තුමාට පුලුවන්වෙන්න ඕන මේ විදිහට චාර්ජ් සීට් නැති දක්ෂ ඉක්මනින් වැඩ කරන්න පුලුවන් ඔහුට විශ්වාස අය මේ වෙනුවෙන් පත් කරගන්න. ඒක හොඳ දෙයක්. “

“එහෙම නැතිනම් දේශපාලකයෙකුගේ කැමැත්තට කවුරුවත් මාරු කරනවා නෙමෙයි. අයි.ජී.පී මේ වෙලාවේ කරන මේ මෙහෙයුමට   උපකාරයක් ලෙසයි මේක වෙන්නේ.”

නැවත වරක් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා නැගී සිට පැවසුවේ රටේ මීට වඩා ව්‍යසනකාරී අවස්ථා තිබුණු බවය.  ඊට එරෙහිව දැන් ආණ්ඩුවේ පිරිස් සමග තමන් එක්ව සටන් කළ බවය.   “ ඔබ තුමිය කියන්නේ පොලිස් කොමිසමේ ඉන්න ඒ.එම්. ලලිත්,  ඒ කරුණාරකරන්, ඩිල්ශාන් ජයසූරිය, ඒ.එම්.ඉල්ලියාස් , ජයන්ත ජයසිංහ සහ තනූජා ප්‍රනාන්දුට මේ කට්ටියට ඔබතුමිය කියන හැකියාව නැද්ද?”

අගමැතිනිය ඒ සම්බන්ධව මෙසේ කීවාය.

“මම එය කියන්නේ නෑ. මම නෙමෙයි ඒක කරලා තියෙන්නේ. අපි කවුරුවත් මේ ගැසට් එක ගහලා නෑ. මේ පොලිස් කොමිසම තමයි මේක තීරණය කරලා තියෙන්නේ. අපි කවුරුවත් කියලා නෑ ඒ ගොල්ලන්ට මේ හැකියාව නෑ කියලා.  ඔවුන් ගත්ත තීරණයක් තමයි මේ බලය පැවරීම. අපි කවුරුවත් කියපු දෙයක් නෙමෙයි. පොලිස් කොමිස කරපු දෙයක්. අපි හිතනවා මේ වෙලාවේ පොලිස් කොමිසම මේ කරන්නේ  පොලිසිය තවත් ශක්තිමත් කරන්නත්, දිරි ගන්වන්නත් පොලිස්පතිට ශක්තිමත්ව වැඩ කරන්නත් දෙන බලයක්. “

“දේශපාලන ඕනෑකම් මත පොලිසියට නටන්න දෙන්නේ නෑ කියන විශ්වාසය ගරුත්වය අපි පොලිස් කොමිසමට ලබා දීලා තියනවා.   පොලිස් කොමිසමට හිතෙනවා නම් ඕන වෙලාවක මේක දේශපාලන අධිකාරිය විසින් අවභාවිතා කරනවා කියලා මේ බලය නැවත ගැසට් ප්‍රකාශනයක් මගින් පවරා ගන්නත් පුලුවන්.  ඒ විශ්වාසය තියනවා අපට මේ පොලිස් කොමිසම ගැන. “

“මම හිතන්නේ නෑ සුජීව මේක ඔයාට ප්‍රශ්නයක් ද කියලා. නමුත් මේ වෙලාවේ සිද්ධ වෙන වැටලීම්,  විමර්ශන එන්න එන්න තමන්ට කිට්ටු වෙනකොට කලබල වෙනවා. ඒ කලබලය එක්ක වැරදි තැනින් මේක අල්ල ගන්නවා. “

“ඇත්තටම මේ ස්වාධීන කොමිෂන් සභා ගැන කැක්කුමක් තියනවා නම් මම යෝජනා කරන්නේ  මේ කොමිෂන්  සභා තව ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගැන අපි කතා කරමු. මේ කොමිෂන් සභා සම්බන්ධව ව්‍යවස්ථාවේ වෙනස් වෙන්න ඕන යෝජනා ගැන ඉදිරිපත් කරමු. “

“ අපට ඉතාම සන්තෝෂයි විපක්ෂයත් ආණ්ඩුවත් එකම තැනකට ඇවිත් තියනවා. කොමිෂන් සභාවේ ස්වාධීනත්වය රැකගන්න ඕන කියලා. ඒ අවස්ථාව මුල් කරගෙන අපට එකට වැඩ කරන්න පුලුවන් වේවි කියලත් අප හිතනවා.”

මෙම යෝජනාව ගෙනා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කොමිෂන් සභාවල බල රහිත කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමට නොපැමිණ මග හැරිය නමුත් ඉදිරියේ දී එවැනි මගහැරීම් නොකර අවංකව කොමිෂන් සභා ශක්තිමත් කිරීමේ අවස්ථාවට එක්වනු ඇතැයි විශ්වාස කරන බව ද අගමැතිනිය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි මිල සංශෝධනයෙන් ගත් ලාභය යෙදවූ පසුත් ලංවිම බිලියන 14ක් තෙල් සංස්ථාවට ණයයි…  

Next Post

මාධ්‍ය කැඳවා බෙලි අත්තේ සනා ගැන හිතෙන හිතෙන බොරු  කී බව විමල් පොලිසියේ දී  පිළිගත්තා… පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක්!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.