දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් 5 දෙනෙකු දිනකට මිය යන බවත් මේ අනුව වසරකට මිය යන වකුගඩු රෝගීන් ගණන 1600ක් බවත් ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ වැඩබල අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තා ගුණරත්න සඳහන් කළාය.
2023 වසරරේදී පමණක් දිගුකාලීන වකුගඩු රෝගින් 213000ක් රෝහල් ගත කර ඇතිබවද ඇය කීවාය.
දැනුවත්වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු යන මැයෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළාය.
වැඩිහිටි ජනගහනයෙන් සියයට 10ට ආසන්න ප්‍රමාණයකට දිගුකාලීන වකුගඩු රෝග තත්වයන්ට ගොදුරු විය හැකි බව දියවැඩියාවා, අධිරුධිරපීඩනය, ස්ථූලතාවය , වැනි නිදන්ගත රෝගයන් මෙයට හේතුවක් විය හකි බවද ඇය පෙන්වා දුන්නාය.
වකුගඩු රෝගීන්ගේ මරණ ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර වසර 2050 වන විට ගෝලීයව සිදුවන මරණ වලින් පස්වෙනි ප්‍රධානම හේතුව දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන මරණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබෙන බවද ඇය අනාවරණය කළාය.







