රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයෙක් වූ තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද ( 18) නියෝග කළේය.
සැකකරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් , සැකකරු විදේශගත වීම තහනම් කිරීමටත් නියෝග කළ අධිකරණය සැකකරුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාර දෙන ලෙස දැන්වීය.
තමන් විසින්ම සැලසුම් කළ පාතාල වෙඩික්කරුවන් ලවා තමා ගමන්ගත් වාහනයට නාරාහේන්පිට ප්රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හල්ලොලුව අධිකරණය මගහැර සැඟවී සිටිය දී පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව කොල්ලුපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.







