අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (29) දින නඩු දෙකකට පෙනී සිටීමට නියමිත අතර ඔහු මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.
රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ විභාග වන්නේය.
මහාධිකරණයේ ඇසෙන නඩුවට අමතරව ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට ද නියමිතය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීති උපදේශක ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඊයේ (28) කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයකදී තහවුරු කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න ගොනු කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමේදී නීතිඥවරයා මෙම ප්‍රකාශය අධිකරණය හමුවේ දි සිදුකළේය.







