මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතෙකුගේ සහ අලින් පස් දෙනෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයෙන් හමුවී ඇතැයි වාර්තා වේ .
ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන ප්‍රදේශ වාසින් කිහිප දෙනෙකු අද (22) මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වා තිබිණි.
ප්රදේශප්රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඉතාම රහසිගත වන අලි මරණ ඇති ස්ථාන තුනක් වෙත මාධ්‍ය කණ්ඩායමක් අද පෙරවරුවේ රැගෙන ගොස් පෙන්වා ඇත්තේ මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින නිසාවෙන් යැයි ඔවුහු පවසති.
ඒ අනුව දඹුල්ල ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ දුරක එක මරණයක් තවත් කිලෝ මීටර්යක් පමණ දුරකින් තවත් වන අලි මළ මරසිරුරක් තවත් කිලෝමීටරයක් පමණ දුරින් ඇතෙකුගේ බවට සැකකරන සිරුරක් සොයා ගැනීමට කණ්ඩායමට හැකි වී ඇත . ඇතාගේ දළ යුගලය රැගෙන ගොස් ඇති ආකාරය මළ සිරුර පරික්ෂා කිරීමේදී දැකගැනීමට හැකි වී තිබේ.
අනෙක් අලි මරණ තුන ඇති ස්ථානය ආසන්නයට ළඟාවීමට තොරතුරු දත් අයට අපහසු බව සඳහන් කළේ එම ප්‍රදේශයේ වන සතුන් සඳහා තුවක්කු බැඳ තිබීම වන අලින් නිරන්තරයෙන් ගැවසීම සහ ස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාවන් සහ අවදානම නිසා බව ඔවුහු පවසා ඇත්තාහ
සීගිරිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක එස් .එස් .මලින්ද ගෙන් විමසීමේදී කියා සිටියේ වන අලි මරණ තුනක් පිළිබඳව තමන්ට තොරතුරක් ලැබී තිබුණු බවය.
ඉන් එක් අලි මළ සිරුරක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන බවත් සඳහන් කළේය. කෙසේ වෙතත් මළ සිරුරු හයක් පිළිබඳව තමන්ට වාර්තා වී නොමැති බව ඔහු කීවේය . වන අලින් මියගියේ කුමන ආකාරයකටද කුමක් නිසා මියගියේද ඝාතනයක් සිදු කළේද යන්න කිසිවක් පරීක්ෂණ පවත්වා නැති බවත් හෙතෙම අනාවරණය කළේය.
අද පස්වරුවේ තවත් දළ ඇතෙකුගේ සිරුරුක් ඇහැටුවැව මුදන්නෑගම දි හමුවී තිබිණි.
මේ ලිපියත් බලන්න….







