ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල් ඔලුව ජනාධිපති අනුර දිසානායක විසින් ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් ප්‍රකාරව ඊයේ (04 ) මධ්‍යම රාත්රියේදී එම දෙපාර්තමේන්තු වෙත ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළේ.
තුසිත හල්ලොලුව විසින් සිදුකළ ප්‍රකාශය මෙසේය.
තුසිත හල්ලොලුව විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයාගේ වත්කම්වලට අදාල ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් ද්වේශ සහගත ප්‍රකාශයක් බැවින් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස නීතිඥ අකලංක උක්වත්ත විසින් ඊයේ (04) උදයවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ඒ දැනට වියට්නාමයේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මතය.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීමකට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම විසින් පැමිණිල්ල පාර්ශවයෙන් පූර්ණ ලිඛිත ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය භාර දී පැමිණි නීතිඥ අකලංක උක්වත්ත කීවේ සාහසික ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඡන්දයක් මුවවිට තබාගෙන මේ සිදුකළේ අපරාධයක් බවය. ජනාධිපතිවරයා පිළිබඳ ජනතාව තුළ ඇති ආදරය, විශ්වාසය බිඳ දමන ආකාරයෙන් සිදුකළ මෙම සාහසික ව්‍යාජ ප්‍රකාශය පිළිබඳ නීතිය ඉදිරියට පැමිණි බවය.
“තුසිත හල්ලොලුව නැමැති පුද්ගලයා විසින් ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට විරුද්ධව සහ ඔහුගේ කීර්ති නාමයට හානි කරමින් සිදුකළ ද්වේශ සහගත බොරු ප්‍රකාශය සමග එය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සෑහෙන වපසරියකින් ප්‍රචාරය කරමින් සිටිනවා.”
“මේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව අපි පැමිණිල්ලක් කළා උදේ වරුවේ සීඅයිඩී එකට. මේ වෙලාවෙ දැනුම් දීමක් කළා සීඅයිඩිය විසින් ලිඛිත ප්‍රකාශයක් වාර්තා කරන්න අවශ්‍යයයි කියලා. ඒ අනුව ඒ ප්‍රකාශය ලබා දෙන්න පැමිණියේ. ”
“අප විශ්වාස කරනවා හෙට දිනයේ සිට සීඅයිඩිය විසින් ඒ අසත්‍ය ප්‍රකාශයේ කාරණා සම්බන්ධව සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ සමාජ මාධ්‍යකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කාරණා ඉෂ්ඨ කරයි කියලා.” නීතිඥ අකලංක උක්වත්ත කීවේය.
තුසිත හල්ලොලුව යනු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද පුද්ගලයා ය.







