බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මරු… කෙල්ලෝ ඉන්දියාවට නෙලති!

by editor
මැයි 4, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අප බලාගෙන හිටියේ කෙල්ලන් දකුණු අප්‍රිකාවට ගැසූ ගේම ඉන්දියාවට ගහන තුරුය. අද (04) ඒ විශිෂ්ට ගේම උන් ගැසුවේය. හිස නමා ආචාර කරමින් මේ සටහන තබමු. ශ්‍රී ලංකා, ඉන්දියා, දකුණු අප්‍රිකා තුන්කොන් ජාත්‍යාන්තර එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිවුවන තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිගහැරුණු ශ්‍රි ලංකා ඉන්දියා තරගයේ දී තියුණු හඹා යෑමකින් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු 5ක් ඉතිරිව තිබිය දී කඩුළු 03කින් තරගය දිනා ගත්තේය.

ඉන්දියාව ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය 276කි. ලකුණු 276ක් යනු කාන්තා එක් දින තරගයක හඹා යෑමට පහසු නැති ඉලක්කයකි. ඉන්දියාව ප්‍රතිවාදියාවනවිට තත්ත්වය ඊටත් වඩා අමාරුය.

ඒත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ පන්දු යැවීම පන්දු රැකීම පමණක් නොව, පිතිකරණයේ දී ද අත් නොහැර අධිෂ්ඨානයකින් සහ ආත්ම විශ්වාසයකින් යුතුව දියත් කළ තියුණු සටනකින් පසු ලබා ගත් මේ ජයග්‍රහණය මහා අගයකින් යුතුව සටහන් කළ යුතුව ඇතැයි සිතමු. තරගය අවසන් පන්දුවාර දෙක වනතුරුත් තිබුණේ විවෘතවය. කඩුළු 07ක් දැවී ගිය පසු පිතිකරණයේ බුහුටි නොවූ ක්‍රීඩිකාවන් කුමණ මොහොතක ඉන්දීය පන්දු යවන්නියන්ගේ බලඇණියේ ගොදුරු වේ දැයි දන්නේ නැත. එහෙත් පසුපෙළ ඒ අභියෝගය හරියටම ගත්තේය.

ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා එක් දින තරග ඉතිහාසයේ කණ්ඩායම් දෙකම වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ තරගය මේ තරගය ය. කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව ලකුනු 553කි. තරගය ඇදී යන්නේ මෙසේය.

ඉන්දීය ඉනිම

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හඹා යෑම තේරූහ. ඉන්දීය ආරම්භක පිතිකාරිණියෝ හොඳින් තරගයේ සිටියහ. මුල්ම කඩුල්ල බිඳී යන්නේ ලකුණු 51ක් ලබා තිබිය දී ය. කවීෂා දිල්හාරිගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමට හසුවී ස්ම්‍රිට් මන්දානා ලකුණු 18කට දැවී ගියාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්දීය ක්‍රීඩිකාවන් සියලු දෙනාම පිතිකරණයේ දී ලකුණු අතර සිටියෝය. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය කඩුළු රකින රිචා ගෝෂ්ය. ඇය පන්දු 48ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමග වේගවත් ලකුණු 58ක් ලැබුවාය. ආරම්භක පිතිකාරණිය ප්‍රටිකා රාවල් පන්දු 39ක දී ලකුණු 35කි. ජෙමිමා රොඩ්‍රිගෝස් පන්දු 46ක දී ලකුණු 37කි. නායිකා හර්මන්ප්‍රීට් කවුර් පන්දු 45ක දී ලකුණු 30කි. හර්ලීන් ඩිඕල්, ලකුණු 29ක් සහ දීප්ති ෂර්මා ලකුණු 24ක් ලබා ගත්හ.

ඉන්දියාව පන්දු ඕවර 50 අවසන දී කඩුළු 9කට ලකුණු 275ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී නායිකා චමරී අතපත්තු සහ සුගන්ධිකා කුමාරි කදිමට සිය භූමිකාව ඉටු කළහ. සුගන්ධිකා ලකුණු 44ට කඩුළු 3කි. ඇය පන්දු ඕවර 10 යැව්වාය. චමරී අතපත්තු හොඳම පන්දු යැවීමය. ඇය පන්දු ඕවර 10 ලකුණු 43කට යවා කඩුළු 03ක් ලැබුවාය. දෙව්මිණි විතානගේ සහ ඉනෝකා රණවීර කඩුල්ල බැගින් ලදහ.

හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්..

ශ්‍රී ලංකා ඉනිම

ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කය පහසු නැත. එය තියුණු ඉලක්කයකි. චමරි අතපත්තු තරගයේ දී ඉනිම ආරම්භ කිරීම යොවුන් ක්‍රීඩිකාවන්ට භාර දී මැද පෙළට අවාය. තරගය ආරම්භ කළේ හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්නය. මුලු ලකුණු සංඛාව ලකුණු 30 දී හසිනි පෙරේරා ලකුණු 22කට දැවී ගියාය. ඒ දුවද්දී දැවී යෑමකට හසුවීමෙනි.

එතැන් සිට දෙවැනි කඩුල්ලට විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ඇති වුන සම්බන්ධතාවය ලකුණු 78කි. දෙවැනි කඩුල්ල ලකුණු 108 දී දැවී යන්නේය. දැවී යන්නී විශ්මි ගුණරත්නය. විශ්මි ඉතා සංයමයකින් යුතුව ක්‍රීඩා කළාය. අවස්ථාව කළමනාකරණය කළාය. ඇය පන්දු 58ක දී ලකුණු 33ක් ලැබුවේ එක් හතරේ පහරක් පමණක් එල්ල කරමිනි.

මේ අතර හර්ෂිතා සමරවික්‍රම කදිම ඉනිමක් ගොඩනගමින් සිටියාය. ඇය පන්දු 61ක දී ලකුණු 53ක් ලැබුවාය. මේ තරගාවලියේදීම මෙතෙක් සිදුවූවා සේ මේ තරගයේ දීත් චමරි පිතිකරණයෙන් ෆේල්ය. ඇය ලබා ගන්නී ලකුණු 23ක් පමණි. එහෙත් තරුණ ක්‍රීඩිකාවෝ ඇය නැති අඩුව පිරවූහ.

කවීෂා දිල්හාරි හතරේ පහර 5ක් සමග ලකුණු 35කි. නිලක්ෂිකා සිල්වා මේ ඉනිමේ විශිෂ්ටම පිතිකාරණිය ය. මැද පෙළ ශක්තිය කුමක්දැයි ඇය පෙන්නුවාය. නිලක්ෂ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 33ක් තුළ මනරම් ලකුණු 56ක් රැස් කළාය. මේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පිදුම් ලබන්නී ඇයය.  ඇයගේ මේ අනර්ඝ මෙන්ම වර්ණවත් ඉනිමය.

නිලක්ෂිකා සිල්වා විශිෂ්ට පිතිකරණයක…

තරගය දෙපසටම දෝලනය වන ආකාරය යළිත් අප දකින්නේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 7ක් ලකුණු 238කට දැවී ගිය අවස්ථාවේ දීය. පසුපෙළ ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 37ක් ලබා ගැනීමට සිදුවී තිබිණි. එහෙත් එතැන් සිට තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන තුරු කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී සහ සුගන්ධිකා කුමාරි නොදැවුන ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආකාරය ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියෙමු.

අනුෂ්කා සංජීවනී පන්දු 28ක් තුළ හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 23කි. පන්දු යවා කඩුළු 03ක් බිඳ හෙලූ සුගන්ධිකා කුමාර් පන්දු 20ක දී හතරේ පහර 2ක් සමග ලකුණු 19කි. පන්දු 05ක් ඉතිරිව තිබිය දී අප කඩුළු 03කින් දිනුම්ය.

කෙල්ලෝ ක්‍රිකට්වල තරගකාරීත්වය තියුණු තිගැස්ම මුසු ජීව ගුණය යළිත් ක්‍රීඩා ලෝලී අපට රැගෙන ආහ. දැන් මේ තරගාවලියේ අපරාජිතයින් නැත. සමානයන් අතර තරග ජීවයෙන් පිරෙන්නේය. මේ තරගාවලිය ඒ පිරුණු ජීවය සහිත එකක් වනු ඇති බව දැනට පෙනෙන ලකුණුවලින් නම් හොඳටම විශ්වාසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව ජන බලයේ අපේක්ෂකයෙක් කැන්වසින් යන ගමන් නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට ලිංගික අතවර කරලා…

Next Post

අස්ගිරි මහ නා හිමි නාන කාමරයේ වැටී කිසිවෙක් නොදැන පැය 04ක් ක්ලාන්තව ඉඳලා… ප්‍රභූ ආරක්ෂාව මාරයි!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.