කීර්ති ප්‍රනාන්දු
වර්ෂ 2019 දී කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් ද වෙනත් ස්ථාන වල සිටි මිනිසුන් ද ඉලක්ක කර ගනිමින්, සිය ගණනක් මිනිසුන් ඝාතනයට ලක් කරමින් සහ තුවාල සිදු කරමින්, එල්ල කරන ලද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ හයවන සංවත්සරය අද (20) දිනට යෙදෙන මෙම පාස්කු ඉරුදින සනිටුහන්වන බවත් මෙම මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව තමන් නිරීක්ෂණය කරන බවත්ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය පාස්කු පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා මේ දක්වා ගෙන ඇති උත්සාහයන් තමන් විසින් කරන අතරම, විමර්ශනවල අවසාන ඉලක්කය විය යුත්තේ අපරාධකරුවන් කවුරුන් ද යන්න සහ මෙම මිලේච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන් ද යන්න තහවුරු කර ගැනීම බව ද කතෝලික අගරදගුරු සමුළුව අවධාරණය කරයි.
අප රට නායකයින්ට ප්‍රඥාව සහ ධෛර්යය මෙන් ම වින්දිතයින්ට සැනසීම සහ සුවය ලබා දෙන ලෙස අපි දිගින් දිගටම යාඤ්ඤා කරන බවද එම සමුලුව සිය පාස්කු ඉරුදින පණිවිඩය නිකුත් කරමින් කියා සිටී.
එම පණිවිඩය පහත දැක්වේ.








