කෝටි 24කට අධික වීදි වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමග 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් අද (20) අලුයම කටුනායක ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් රැගෙන එන ලද කිලෝ 04 ග්‍රෑම් 855ක් වන අදාළ කොකෙන් තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. එම තොගයේ වටිනාකම දළ වශයෙන් විසි හතර කෝටි තිස් ලක්ෂයක් බවට ගණන් බලා ඇත.
මෙම කොකේන් තොගය කාඩ්බෝඩ් මත අලවා ඒ මත කලු පැහැති කඩදාසිද අලවා කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක් තුළ අසුරා පසුව ඒවා ගමන් මල්ලෙහි අසුරා තිබූ බව රේගු නිලධාරීන් පවසයි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.







