බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය භීතියට පත්කරමින් ලොවට රහසේ ඉදිවෙන උතුරු කොරියාවේ දැවැන්ත යුධ නෞකාව!

by editor
අප්‍රේල් 15, 2025
in පුවත්
උතුරු කොරියානු යුද නැව ඉදිවන ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන ආකාරය

උතුරු කොරියානු යුද නැව ඉදිවන ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන ආකාරය

Share on FacebookShare on Twitter

සත්මනු ජයදේව –

උතුරු කොරියාව යනුම කුහල දනවන ගුප්ත භූමියකි. ලොවෙන් දැඩි ලෙස හුදකලා කළ මෙම භූමිය තුළ සිදුවන දේ පිළිබඳ මේ දියුණු ලෝකය තුළත් ඇත්තේ කල්පිත ප්‍රවාද සමාන තොරතුරු පමණි.  මේ විශේෂ සටහන තැබෙන්නේ ලෝකය තිගැස්වූ කතාවක් කියන්නටය. උතුරු කොරියාවේ  මෙතෙක් නිර්මාණය වූ විශාලතම යුධ නෞකාව නිර්මාණය වෙමින් තිබේ. එම නෞකාව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඇති ඕනෑම යුධ නැවකට වඩා දෙගුණයක් විශාල විය හැකි ආකාරය මේ වනවිට ලැබෙන නව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ස්වාධීන චන්ද්‍රිකා සපයන්නන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් විසින් අප්‍රේල් 6 වන දින ගන්නා ලද ඡායාරූපවලින් අගනුවර වන ප්යොංයැං සිට කිලෝමීටර් 60 ක් (සැතපුම් 37) පමණ නිරිත දෙසින් පිහිටි උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ නම්පෝ නැව් තටාකයේ ජලයේ ඉදිවෙමින් පවතින මෙම නෞකාව අනාවරණය වී ඇත.

කොරියානු මධ්‍යම රූපවාහිනියේ ඡායාරූපයක දැක්වෙන්නේ නායක කිම් ජොන් උන් පසුගිය වසරේ අගභාගයේදී නව යුද නෞකාවක වැඩ පරීක්ෂා කරන ආකාරයයි.

විශ්ලේෂකයින් පවසන්නේ ඡායාරූප මගින් නෞකාවේ ආයුධ සහ අනෙකුත් අභ්‍යන්තර පද්ධති අඛණ්ඩව ඉදිවෙමින් පවතින බවය. එය ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වලට එරෙහිව භාවිතා කිරීම සඳහා සිරස් දියත් කිරීමේ මිසයිල රැගෙන යාමට නිර්මාණය කර ඇති බහු මෙහෙයුම් හැකියාව සහිත මාර්ගෝපදේශක මිසයිල නෞකාවක් (FFG) විය හැකි බව යුධ විශේෂඥයනේගේ මතය වී තිබේ.

” මෙම මිසයිල නෞකාව ආසන්න වශයෙන් මීටර් 140 ක් (අඩි 459) දිග වන අතර එය උතුරු කොරියාවේ නිෂ්පාදනය කරන ලද විශාලතම යුධ නෞකාව වේ,” උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජෝසප් බර්මියුඩෙස් (ජූනියර්) සහ ජෙනිෆර් ජුන් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව ප්‍රකාශ වී ඇත.

මෙම ඉදිකිරීමේ බිහිසුණුකම දැනට ලෝකයේ පවතින විනාශකාරී යුධ නෞකා සමග සැසඳීමෙන් සහතික කර ගත හැකිය. නාවික භාෂිතයේ දී එන යෙදුම් සමගම මේ නෞකාව ගැන අදහසක් ලබා ගැනීම වැදගත්ය. එක්සත් ජනපද නාවික හමුදාව සතුව ඇති Arleigh Burke – පන්තියේ Destroyers නෞකා අඩි 505 ක් පමණ දිගය. උතුරු කොරියාවේ ඉදිවෙමින් පවතින්නේ Corvette සහ Destroyer ලෙස නම් කර ඇති යුධ නෞකා විශේෂ දෙක අතරට වැටෙන Constellation පන්තියට අයත් Frigate අකාරයේ යුධ නෞකාවකි. මෙම නෞකාව අඩි 496 ක් දිගය. එම නෞකා විශේෂය නිර්මාණය කරන්නේ දිය මතුපිට ගැඹුරු මුහුදේ සහ ගොඩබිම ආශ්‍රිත යුධ්ධ, දිය අභ්‍යන්තරයේ සබ්මැරීන විරෝධී යුධ්ධ පරිවාර රාජකාරි සහ බුද්ධි තොරතුරු එකතු කිරීමේ බහුකාර්ය අවශ්‍යතා සඳහාය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

යුධ නෞකාවේ පැවැත්ම පුදුමයක් නොවේ. කිම් පාලනය එහි සන්නද්ධ හමුදා වේගයෙන් නවීකරණය කිරීමක නිරත වී සිටී. ඔවුහු නව ආයුධ පරාසයක් සංවර්ධනය කරමින් සහ එක්සත් ජනපදයේ ඕනෑම තැනකට ළඟා විය හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂා කරමින් සිටිති.

මෙවැනි ආයුධ සංවර්ධනය කිරීම සඳහා ද්‍රව්‍ය හා තාක්‍ෂණයට ප්‍රවේශ වීම දැඩි ලෙස සීමා කරමින් එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබේ. උතුරු කොරියාව තම ඉලක්ක සපුරාගෙන ඇත්තේ එම සමබාධක නොතකාය. විශ්ලේෂකයින් පවසන්නේ යුක්රේන යුධ්ධයේ ආරම්භයේ සිට රුසියාව සමඟ ඇතිකරගත් සමීප සබඳතා ද උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ සම්බාධක ජය ගැනීමට උපකාරී විය හැකි බවය.

විශ්‍රාමික දකුණු කොරියානු අද්මිරාල්වරයෙකු වන කිම් ඩුක්-කි පැවසුවේ රුසියාව නෞකාවේ මිසයිල පද්ධති සඳහා අවශ්‍ය තාක්ෂණය සපයනු ඇතැයි තමන් සිතන බවයි.

පසුගිය වසරේ අගභාගයේදී උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ වසර අවසාන පූර්ණ සැසියේදී රාජ්‍ය මධ්‍යම රූපවාහිනියේ වාර්තාවක නෞකාවේ පින්තූර පළ විය. රූපවල නායක කිම් නෞකාවේ ඉදිකිරීම් පරීක්ෂා කරන ආකාරය දැක්වේ.

එම වීඩියෝවේ ඇති රූපවලින් පෙනී යන්නේ යුධ නෞකාවට නවීන නාවික හමුදාවන් සතුව ඇති මිසයිල පද්ධති ඇතුළු අති නවින ආකාරයේ ආයුධ තිබිය හැකිබවය.

විශ්ලේෂකයින් තව දුරටත් පෙන්වා දෙන්නේ උතුරු කොරියානු හැකියාවන් කලින් ප්‍රදර්ශනය කළ ප්‍රමාණයට වඩා ඉක්මනින් දියුණු වී තිබෙන ආකාරය ය. නිවැරදිව තර්ජන සහ ඉලක්ක නිරීක්ෂණය කළ හැකි අති නවීන රේඩාර් පද්ධති සහිත නෞකාව සම්බන්ධව ලෝකය දැන් ඉන්නේ තිගැස්මෙනි. මේ දියුණු යුධ සහ සටන් හැකියාවන් පිළිබඳ ඇත්තේ යම් ඉඟි පමණක් බැවින් උපකල්පන සිදුකිරීමේ දී ප්‍රවේශයම් විය යුතු බවට ද විශේෂඥ අදහසය.

යුධ නැව් තැනීමේ අභියෝගය

ඕනෑම නැව් සාදන්නෙකුට පාහේ යාත්‍රාවේ ප්‍රධාන කොටස ආවරණය කරන ජල ආරක්ෂිත ව්‍යුහයවන නැව් බඳ සහ නැව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය තෙරපුම ජනනය කරන යන්ත්‍රෝපකරණ සහිත ප්‍රචාලන පද්ධති නිවැරදිව ලබා ගත හැකි බව හිටපු එක්සත් ජනපද නාවික හමුදා කපිතාන් සහ හවායි පදනම් කරගත් විශ්ලේෂකයෙකු වන කාල් ෂුස්ටර් ප්‍රකාශ කර තිබේ..

“කෙසේ වෙතත්, නවීන යුධ නැව් නියෝජනය කරන්නේ සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ආයුධ සහ ඉලෙක්ට්‍රොනික ධ්වනි සංවේදක තාක්ෂණයන්හි ඒකාබද්ධ කිරීමේ අභියෝගයක්… එය එතරම් පහසුවෙන් සාක්ෂාත් කරගත නොහැකියි.” කාල් ෂූස්ටර් තවදුරටත් පැවසීය.

CNN සඳහා චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කිරීමෙන් පසු, කාල් ෂූස්ටර් පවසා ඇත්තේ නව උතුරු කොරියානු යුධ නෞකාවට මුහුදු අත්හදා බැලීම් ආරම්භ කිරීමට වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බවය.

“ස්ථාපනය සඳහා අදහස් කරන ලද උපරිව්‍යුහය, සංවේදකය සහ ආයුධ පද්ධති නොමැතිකම නිසා මෙම නෞකාවේ ඉදිකිරීම් ප්‍රමාද වෙමින් තිබෙනවා,” ඔහු පැවසීය.

මාර්තු මාසයේදී CNN සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, දකුණු කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සාමාජිකයෙකු වන දකුණු කොරියානු නීති සම්පාදක කිම් බියුන්ග්-කී, උතුරු කොරියාවට දියුණු යුධ නැවක් තැනීමේ තාක්ෂණික හැකියාව හෝ එයට සහාය වීමට යටිතල පහසුකම් තිබේද යන්න ප්‍රශ්න කළේය.

“මෙතරම් විශාල හමුදා යුධ නැවක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු වැය බරක් අවශ්‍යයි. ඔවුන්ට යුධ නැවක් තැනීමට පමණක් නොව, එය ක්‍රියාත්මක කරන කණ්ඩායමක් සෑදීමටත්, උපකරණ සහ ඉන්ධන ඇතුළුව එය ක්‍රියාත්මක කිරීමට විශාල වැය බරක් දැරිය යුතුයි. එසේම, එක් විශාල යුධ නැවකට තනිවම යා නොහැකියි. එබැවින් ප්‍රශ්නය නම්, උතුරු කොරියාවට මේ පිරිවැය දැරිය හැකිද යන්නයි” ඔහු පැවසීය.

කෙසේ වෙතත් විශ්‍රාමික දකුණු කොරියානු අද්මිරාල් කිම්, අවසාන නිෂ්පාදනය කෙබඳු විය හැකිද යන්නත් විශේෂයෙන් එහි මාරාන්තික බව අවතක්සේරු නොකිරීමටත් ප්‍රවේශම් වී තිබිණි.

“උතුරු කොරියාව ජනවාරි මාසයේදී සාර්ථකව අත්හදා බැලූ බව කියන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයෙන් නව නෞකාව සන්නද්ධ කළහොත්, එය කලාපීය ආරක්ෂාව තුළ ක්‍රීඩාව වෙනස් කරන බලපෑමක් ඇති කරනු ඇති,” හිටපු නාවික නිලධාරියා පැවසීය.

උතුරු කොරියාවේ පැරණි නාවික බලඇණිය

2021 වාර්තාවක එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) නවතම ඇස්තමේන්තුවට අනුව, උතුරු කොරියාවේ නාවික හමුදාවට මුර සංචාර නෞකා 400 ක් සහ සබ්මැරීන 70 ක් පමණ ඇති බවය.

යාත්‍රා විශාල සංඛ්‍යාවක් වුවද, ඒවායින් බොහොමයක් පැරණි හා කුඩා බව ඔහු කියයි.

ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ විශ්ලේෂකයෙකු වන ජෝසප් ඩෙම්ප්සි ජනවාරි බ්ලොග් සටහනක ලියා ඇත්තේ ප්යොංයැං සතුව ප්‍රධාන යුධ නෞකා 02ක් පමණක් ඇති බවය. 1970 ගණන්වල මුල් භාගයේ සිට පැවත එන එම Najin පන්තියේ යුධ නැව් – යල් පැන ගිය ඒවා බව ද ඔහු ලිවීය.

දකුණු කොරියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති වන ඕනෑම ගැටුමකදී උතුරු කොරියානු නාවික හමුදාව බොහෝ දුරට වෙරළබඩ ආරක්ෂාව සඳහා සීමා කරනු ඇති බව DIA වාර්තාවේ සඳහන් වේ. ඔවුන් පෙන්වා දෙන්නේ දකුණු කොරියාවට සහ ඇමරිකාව යනු රටවල් දෙකටම බෙහෙවින් උසස් නාවික හමුදාවන් ඇති බවය.

නමුත් අවම වශයෙන් උතුරු කොරියානු නායක කිම් තම නාවික බලඇණිය නවීකරණය කිරීමට උත්සාහ කරමින් සිටී. සබ්මැරීන වලින් දියත් කළ හැකි මිසයිල සහ ඒවා රැගෙන යාම සඳහා සබ්මැරීන ද සංවර්ධනය කරමින් සිටී.

සැප්තැම්බර් මාසයේදී, කිම් නව නාවික වරායක් සඳහා ස්ථානයක් පරීක්ෂා කළේය.

“දැන් අපට ඉක්මනින්ම විශාල යුධ නැව් සහ සබ්මැරීන හිමිකර ගැනීමට හැකියි. ඒ සඳහා පවතින යුධ නැව් නැංගුරම් ලෑමේ පහසුම් සහිත ස්ථාන ප්‍රමාණවත් නෑ. නවතම විශාල යුධ නැව් හැසිරවීම සඳහා නාවික කඳවුරක් ඉදිකිරීම හදිසි කාර්යයක් බවට පත්ව තිබෙනවා,” ඔහු ඒ අවස්ථාවේ පවසා ඇත.

දකුණු කොරියානු නීති සම්පාදකයෙකු වන යූ යොං-වොන් පැවසුවේ නම්පෝ අංගනයේ ඉදිවෙමින් පවතින නෞකාව කිම් තම නාවික හමුදාව නවීකරණය කිරීමට උත්සාහ කරන බවට එක් උදාහරණයක් පමණක් බවය.

උතුරු කොරියානු සින්පෝ වරායේ නැව් අංගනයක න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් ඉදිවෙමින් පවතින අතර චොංජින් හි තවත් නෞකාවක ඉදි වෙමින් පවතින බව යූ පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලහත්කාරයෙන් හිර කරගෙන සිටි දරුවෙක් නිවසේ 2වැනි මහලෙන් බිමට පැනලා… බරපතල තුවාල සහිතව රෝහලේ…

Next Post

ඉන්දියාවෙන් ගෙන්වු මිනිස් පරිභෝජනටය නුසුදු ලුණු ටොන් 280ක් මුද්‍රා තබයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.