ශ්‍රියානි විජේසිංහ
කරවල වියළීම සඳහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති ලුණු මිනිස් පරිබෝජනයට නුසුදු ඒවා බව කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ඉන්දියාවේ සිට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටෝන් 280ක් පමණ වෙතැයිද ඒවා මේ වන විට වරාය තුළ මුද්‍රාතබා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිසර හා වෘත්තීය සෞඛ්‍ය , ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චාන්දනී විතානගෙන් ලංකාසර කළ විමසුමකදී ඇය සඳහන් කළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු වෙළඳපලට ඒමට කිසිවිටකත් ඉඩ නොතබන බවය.
එම ලුණු පොල්කර්මාන්තයට ලබා දීමට හා පොහොර සැකසීම සඳහා යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයාව පවා දැනුවත් කර මෙම තීරණයන් ගත් බවද ඇය පැවසුවාය.
කෙසේ නමුත් මෙම ලුණු මෙරටට ආනයනය කළ ආයතනය හරහා තවත් ලුණු විශාල තොගයක් මෙරටට ගෙන්වීමට නියමිත බැවින් ඒවා ගෙන්විමේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සමඟ සම්බන්ධ වෙමින් මිනිස් පරිභෝජනයට සුදුසුම ඒවා ගෙන්වීමට එම ආයතනය එකඟ වූ බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.







