කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩු විභාගයෙන් ඉවත් වි තිබේ.
නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු වී ඇති මෙම නඩුවෙන් තමන් ඉවත්වන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ දී අද දැනුම් දී ඇත.
සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.







