සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ධීවර නායකයින් ලංකාවට ඇවිත් සාකච්ඡා කර ඉල්ලන්නේ අහවල් දේ ද?

by editor
මාර්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මේ වනවිට ඉන්දීය ධීවර සංගම් නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ සිටිති. ඒ ධීවර ප්‍රශ්නය ගැන කතා කරන්නයට. ප්‍රශ්නය විසඳා ගන්නටය. ඉන්දීය ධීවර කණ්ඩායම් ප්‍රශ්නය විසඳා ගන්නට හදන්නේ අපේ මුහුදු සීමාව ආක්‍රමණය කර මසුන් මැරීම සඳහා ඉඩ ලබා ගන්නටය. ඒ සඳහා ඇති නීත්‍යානුකූල බාධක බිඳ ගන්නටය. ඉන්දීය දේශපාලනය හරහා බලපෑම් කර අපේ මුහුදු සීමාව සම්බන්ධ ජාත්‍යාන්තර නීතිය අකුලවන්නටය.

තමිල්නාඩු ධීවර නායකයින් පවසන්නේ දෙරටේම ධීවරයින් විසින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා තමිල්නාඩුවේ ලංකාවට පැමිණි බවය.

මේ ගමනට පෙර ධීවර කොල්ලයට පැමිණ අත් අඩංගුවේ සිටින ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරමේ ධීවරයින් මේ ධීවර නායකයින් යටතේ දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවය. ඒ වර්ජනය නවත්වා ලීමට රෙදි ඇඳගෙනන ඉන්දීය දේශපාලනයට මැදිහත් වීමට නොහැකිය. ලංකාවේ රජයට රටේ නීතිය ක්‍රියාත්මක නොකර ඉන්දීය ධීවරයින්ගේ අනීතික කොල්ලයට ඉඩ දිය නොහැකිය. අවසානයේ දී මුහුණට මුහුණ ප්‍රශ්න විසඳා ගැනීමට ඉන්දීය ධීවර නායකයින් ලංකාවට පැමිණ සිටිති.

උතුරු පළාතට පැමිණි ඉන්දීය ධීවර නායකයින්ගේ පලමු සාකච්ඡාව වවුනියාවේදී පැවැත්වුණි. මේ සාකච්ඡාවට මන්නාරම මුලතිව් යන පළාත් වල ධීවර සංගම් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. පැය හයක පමණ කාලයක් එම සාකච්ඡාව පැවැත්වුණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාමේස්වරන් ධීවර සංගමයේ සභාපති පී.ජේසුරාසා කියා සිටියේ මේ ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය නිසා දිනෙන් දිනම පීඩාවට පත්වන්නේ සුලු පන්නයේ ධීවරයින් හා කුලී පදනම මත එම රැකියාවේ යෙදී සිටින අය බවයි.

ඉන්දීය ධීවරයින් පරම්පරා ගණනවක සිට ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණ මසුන් මැරීම ඔවුන්ගේ එක් ජීවනෝපායක් වූ අතර වසර නවයක පමණ සිට දෙරටේම ධීවරයින්ට විවිධ ගැටලු හා ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව ඇති බව රාමේස්වරන් ධීවර නායකයා කියා සිටියේය.

නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයින් අධිකරණමය ක්‍රියාදාමයන් ඔස්සේ මාස ගණනාවක් බන්ධනාගාරවල රඳවා සිටීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අපහසුතාවයකට මුහුණ දෙන බව කී ධීවර නායකයා මේ ප්‍රශ්නයට මීට වඩා කඩිනම් විසඳුමක් සෙවීම ඉතා අත්‍යවශ්‍ය වී ඇති බවද සදහන් කළේය.

මේ කාරණයේදී ශ්‍රී ලංකා රජයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි නිසා ජනතාව වෙනුවෙන්ම බලයට පත්ව සිටින නව රජය මේ කාරණය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ධීවර නායකයා පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බැවින් ඔහු සමග මේ ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය ගැන සාකච්ඡා කොට ඉතා ඉක්මන් විසඳුමකට පැමිණිය හැකි බව රටක නීතිය පසෙක දමා කටවචනයට එන පරම්පාර උරුමය හොයාගෙන ලංකාවට පැමිණි රාමේස්වරන් ධීවර නායකයා කීවේය.

ඉන්දියාවේ සිට උතුරට පැමිණ සිටින මෙම ධීවර නායකයින් පස් දෙනා සතියක් තිස්සේ උතුරේ සියලුම ධීවර සංගම් නියෝජිතයන් සමග සාකච්ඡා කොට ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය විසඳා ගත හැකි ආකාරය ඇතුළත් විශේෂ සන්දේශයක් පිළියෙළ කිරීමට බලාපොරොත්තු වෙයි.

එම සන්දේශය රටවල් දෙකේම පාලකයින්ට ලබා දී ඒ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ලබා ගැනීමට අපේක්ෂා කරණ බව රාමේස්වරන් ධීවර නායක පී.ජේසුරාසා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දීය ධීවර නායකයින් වව්නියාව බන්ධනාගාරයට විසිට් එකක්…

සාකච්ඡාවෙන් අනතුරුව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් 41 දෙනෙකු හමු වී ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබදව සාකච්ඡා කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ඇතුලු ඇදුම් පැළදුම් ලබා දීමටත් ඉන්දියාවේ සිට පැමිණි ධීවර සංගම් නියෝජිතයින්ට ඊයේ අවස්ථාව සැලසී තිබිනි.

ශ්‍රී ලංකා රජයෙන් විශේෂ අවසරයක් ලබා ගෙන මෙම ඉන්දීය ධීවරයින්ව හමු වීම පිණිස වවුනියාව බන්ධනාගාරයට පැමිණියහ. පැමිණ බන්ධනාගාරගතව සිටින ඉන්දීය ධීවර කණ්ඩායම් මුණ ගැසුනහ.

අදත් ඉන්දීය ධීවරයින් 11ක් අත් අඩංගුවට…

ඉන්දීය ධීවර නායකයින් ලංකාවට පැමිණ අපේ ධීවරයින් සමග අපේ මුහුද ආක්‍රමණය කිරීමට අයිතිය හොයද්දී ඉන්දීය ධීවරයින් දිගටම ධීවර කොල්ලයේ ය. අද (27) අලුයමත් එවැනි කොල්ලකරුවන් කණ්ඩායමක් නාවික හමුදා අත් අඩංගුවට පත් වුනේය. ඔවුන් අත් අඩංගුවට පත් වුනේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන්වූ උතුරු මුහුදේ දේශීය ජල තීරයේ දී ය. ධීවරයින් 11 දෙනෙක් සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනුණි.

ඊයේ (26) දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කළේය. අනතුරුව එම ධීවර යාත්‍රා දේශීය ජල තීරයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි.

අත් අඩංගුවට පත් වන්නේ එම ඉවත්වීමේ අණ නොතකා තව දුරටත් දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් (01)ක් සහ ධීවරයින් 11 දෙනෙකි. එහෙත් අත් අඩංගුවට ගැනීමේ දී ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදාවේ නිත්‍යානුකූල නියෝග වෙත අනුකූලතාවය දක්වා තිබිණි. කන්කසන්තුරේ වරයා වෙත රැගෙන පැමිණි පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත වූයේය.

මේ ධීවර කොල්ලය හේතුවෙන් වාර්ෂිකව ජාතියට අහිමිවන මත්ස්‍ය සම්පතේ වටිනාකම රුපියල් බිලියන ගණනකි. එමෙන්ම දේශීය ධීවර ප්‍රජාවගේ ආර්ථිකය පමණක් නොව, දේශීය ධීවර සම්පත ගොඩනැගෙන පරිසරය වනසා ලමින් සිදුකරන තහනම් පන්න සහිත මේ මැර ආක්‍රමණය විටෙක ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණටත් වළංගු නැත. නාවිකය හමුදා නිලධාරියෙකුට පහර දී මරා දැමීමට තරම් ඇතැම් ධීවරයන් ප්‍රචණ්ඩ වූ ඉතිහාසයක් විය.

ඉන්දියාවේ ධීවර කර්මාන්තකරුවන් ලංකාවට ඇවිත් මුහුණට මුහුණ සාකච්ඡා තියා විසඳා ගන්නට හදන ධීවර ප්‍රශ්නය සම්බන්ධව අපට නම් ඇත්තේ ගැටලුවකි. ලෝක නීතියක් තිබේ. ලෝක සම්මතයක් තිබේ. ඒ ජාත්‍යාන්තර සම්මතයන් අනුමිතින් සහ නෛතික රාමුව තුළ හික්මීම සදාචාර සම්පන්න ලෝකයේ භාවිතාවය.

ඉන්දියාව කළ යුත්තේ ඒ සදාචාර හා සංස්කෘතික භාවිතාවට සිය පුරවැසියන් හුරු කරගැනීමය. ඉන් එපිට මේ ගැටලුවට විසඳුමක් ඇතැයි අපට සාධාරණව සිතෙන්නේ නැත. මක්නිසාද යත් මොකා බඩ උඩ නැග්ගත් ඇස් පියාගෙන ඉවසා සිටින වහල් ගණිකාවකගේ මට්ටමට තවදුරටත් පවත්වා නොගන්නා  බව ජාතියක් ලෙස අප ලෝකයට දැන්විය යුතු නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙයි!

Next Post

චාමර සම්පත් අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.