සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ලක්ෂ 68ක ජන වරමට වඩා අනුර සහෝදරයාට ලොකු වූ NPP ආණ්ඩුවත් පජාත කරන අහවල් බැඳීම…

by editor
මාර්තු 17, 2025
in දේශපාලන
anura-Tilvin
Share on FacebookShare on Twitter

ලොකු සහෝදරයා විසිනි –

පොලීසිය ඉන්ටඩික් පොලිස්පති වරයා ඇල්ලීම සදහා සතර දිග් බාගයේ කරක් ගසමින් සිටී. එය මහජනතා⁣ව රැවටීම සදහා කරන ඇස් බැන්දුමක් බව මෙරට ජනතාව දනී. ඒ ගැන නොදන්නේ ජනපති අනුර සහෝදරයා ඇතුළු NPP කෙරුම්කාරයන් පමණය.

මේ වන විට මෙරට පොලීසිය ජනපති සහෝදරයාට ආම්බාන් කර ගත නොහැකි තරමට විකෘතියක් බව⁣ට රූපාන්තරනය වෙමින් පවතී. මෙහිදී ජනපති සහෝදරයා පොලිස් කොමිසමට එරෙහිව ආඩාපාලි පැවසුවද යටි බිම් ගත රාජ්‍යය බලවත් වෙමින් විධායකය හා NPP ආණ්ඩුව ඩෝසර් කර ගෙන යන වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ. මින් ජාජබ ආණ්ඩුවේ පැවැත්මට සිදු වෙමින් තිබෙන බරපතල හානිය NPPයේ කෙරුම්කාරයන් තඹ දොයිතුවකට ගණන් ගන්නා බවක් පේන්නට නැත. එහෙත් NPPයට ඡන්දය දුන් බොහෝ හිතවතුන් හා පාක්ෂිකයන් දැන් සිටින්නේ අතිශය කළකිරීමෙනි.

තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය හා විධායකය තමන් සතුව පවතින බැවින් ආණ්ඩුවට කිසිම හානියක් නොවන බවට ඇති විශ්වාසයෙන් NPP නායකයන් ක්‍රියා කරමින් සිටින බව පෙනී යයි. එහෙත් NPPයේ පහළ ඇවරියේ කළකිරීම තව තව වර්ධනය වීම නම් ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නැත.

හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන කල්පනා කෙරුවේද මේ සම්ජ්ජාතියේ තමන් ජනපති ධුරයෙන් ඉවත් කරන්නට තරමේ ජගතකු මේ දූපතේ නැති බවය. එහෙත් ඔහුට කෙල වෙන්නට ගියේ කැලැන්ඩර දින ගණනක් පමණි. ඡන්දයෙන් පත් වූ විධායක ජනපතිවරයකු ධුරයෙන් එලවා දැමීමට තරමේ අරගලයක් මෙරට දේශපාලනය තුළ එතෙක් සිදු වී නොතිබුණි. එහෙත් මිල්ටෙරි නන්දසේන ජනපති ධුරයෙන් එළවා දමන ලද අරගලය මෙරට දේශපාලනයට අහම්බයක් වුවද ඉන් සමාජය ලද අත්දැකීමක් තිබේ. NPPය ආණ්ඩු කරන්නේ විධායක ජනාධිපතිවරයෙක් පැන්නූ ඒ අත්දැකීමක් සහිත ජනතාවක් ඉන්නා සමාජයකි. එකම ආකාරයකට නොවුනත් වෙනත් හැඩයකින් NPP ආණ්ඩුවට එරෙහිවද මේ කැරැල්ල හැකිය. අවදානම ඇත්තේ එතැනය. ජනපති අනුර සහෝදරයා⁣ නෝන්ජලයෙක් බවට වන අදහසක් මේ වන විටත් සමාජගත කිරීමේ කුමන්ත්‍රණකාරී සැළසුමක් යටි බිමි ගතව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට අසන්නට ලැබේ. එය ආණ්ඩුවට එරෙහි විරුද්ධවාදීන් විසින් ගන්නා ඉතා බරපතල හා විනාශකාරී ඉලක්කයක් බව පැහැදිලිය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

නීතිපති වෙන ආණ්ඩුවක කෙනෙක් ද?

පසුගියදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංඟ ඝාතනය හා සම්බන්ධ සාක්ෂි වසන් කළ බව⁣ට චෝදනා ලද සැකකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට එරෙහිව සමාජය තුළින් මතුවූ දැඩි විරෝධය නිසාම ජනපති අනුර සහෝදරයාට නීතිපතිවරයා කැඳවා එම තීරණය ගැන සාකච්ඡා කිරීමට සිදු විය. එහෙත් නීතිපතිවරයා මේ වන විටත් ගන්නා තීන්දු තීරණ සමාජයේ විවාද සම්පන්න කතා බහකට මුල් වී තිබේ.

නීතිපතිවරයා විසින් මාතර W 15 සංචාරක හෝටලයේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා අත් අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් ඊයේ (16) හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එම මාධ්‍ය නිවේදනයට නිමිත්ත වී තිබු⁣ණේ මෙම අපරාධය හා සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ සෙසු නිළධාරීන් විසින් ගොනු කරන ලද රි⁣ට් පෙත්සම හා එම පෙත්සම අනුව ඔවුන් අත් අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය අතර එකඟතාවයයි.

ඒ අනුව ඔවුන් අත් අඩංගුවට නොගෙන ප්‍රකාශ පමණක් සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බවද අනාවරණය වේ. නීතිපතිවරයා ගේ භුමිකාව ජනපති සහෝදරයාගේ හා NPP ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඉටු කෙරෙන්නක් බවටද සැකයක් ඇති වේ.

කෙ⁣සේ වෙතත් අදාල පොලිස් නිළධාරීන් විසින් එම රි⁣ට් පෙත්සම ගොනු කරනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමටත් පෙරදීය. එම නඩුව අවසන් වරට අධිකරණයට කැඳවූයේ ජනවාරි මස අවසන් භාගයේදීය. පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨා⁣සයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පෙත්සම් කරුවන් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය⁣ට දැනුම් දී තිබුනේ එදිනට පෙර නඩු වාරයේදීය.

ඊළඟ නඩු වාරය මාර්තු 21 වන දින⁣ට යෙදී තිබෙන අතර එම එකඟතාව එදින දක්වා පවත්වාගෙන යන බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි. එලෙසම මෙම එකඟතාව දීර්ඝ කරන විටත් මරණ පරීක්ෂණ තීන්දුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රකාශ කර නොතිබිණි. පොලීසියද හදිසියේම නින්දෙන් අවදි වී නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ උපදෙස පිළිබඳව හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුවද මේ වන විටත් එම රිට් පෙත්සම ඉදිරිපත් කරන ලද වග උත්තරකාර පොලිස් නිළධාරීන්ගෙන් කට උත්තර ලබා ගෙන අවසන්ය. දේශබන්දු තෙන්නකෝන් ගේ රිට් පෙත්සම සම්බන්ධයෙන් අවසන් නියෝගය ලබා දීමට ⁣ඇත්තේ⁣ අද (17) දිනයේදීය. ඊයේ දින දේශබන්දු තෙන්නකෝන් ගේ බිරිඳ හා පුත්‍රයා ගෙන් අපරාධ විමර්ශන අංශය කට උත්තර ලබා ගන්නා ලදී.

දේශබන්දු විහිළුව

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා පසුගියදා අභියාචනාධිකරණය⁣⁣ට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. ඒ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මගින්ය එහිදී අභියාචනාධිකරණයේ පෙනී සිටි ජනපති නීතිඥවරයා දිගින් දිගටම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීමෙන් වැලකී සිටින ලෙසට පොලීසිය⁣ට උපදෙස් දෙන ලෙසටය.

මේ අවස්ථාවේ නීතිපති කාර්යාලය නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්⁣ටාර් ජනරාල් දිලීප පීරිස් එම ඉල්ලීමට එරෙහිව බලවත් විරෝධයක් දක්වන ලදී. ජනපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී අභියාචනාධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කෙරුවේ සිය සේවා දායකයා ප්‍රශ්න කිරීමටවත් පොලීසියට කැඳවා නැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා දූෂිත බවත් එය මෙහෙයවන්නේ ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න යන අයවළුන්ගේ අභිමතයට යටත්ව බවත්ය.

ජනපති නීතිඥ වරයා තවදුරටත් පෙන්වා දුන්නේ තම සේවා දායකයා ඉලක්ක කරගනිමින් පොලීසිය ද්වේෂ සහගතව පක්ෂග්‍රාහීව පූර්ව උපකල්පනයන් මත දේශපාලනික මැදිහත් වීමකින් යුක්තව හා ඕනෑම පිරිවැයක් දරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවය. මාතර මහේස්ත්‍රාත්වරයා සිය බල සීමාව අතික්‍රමණය කර ඇතැයිද සිය සේවාදායකයා විධිමත් ක්‍රියා පරිපාටියකින් තොරව කුදලා ගෙන යාම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටී යැයිද ජනපති නීතිඥ රොමේෂ් සිල්වා විසින් වැඩි දුරටත් එහිදී සදහන් කෙරුවේය. එහෙත් එම අවස්ථාවේ අභියාචනාධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් හට කිසිදු සහනයක් ප්‍රදානය නොකිරිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කෙරුවේ “පෙත්සම් කරු සතියක් විතර හිටියනේ… ඉදිරියටත් එසේම හිඳීවි” යන්නය.

මෙම නඩුවේදී ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා විසින් ⁣මෙරට අධිකරණය හා පොලීසිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ඉදිරිපත් කරන ලද කරුණු එකින් එක අවධානයට ගත හොත් ඉන් මෙරට නීතිය සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත ආයතන ඉතා දූෂිත බවට අවධාරණය කෙරේ. ඒ මෙම පෙත්සම්කරු මෙර⁣⁣ට එසේ මෙසේ පුද්ගලයකු නොවන නිසාය. පෙත්සම්කරු මෙරට පොලිස්පතිවරයාය. සිය නිල ආධිපත්‍යය යටතේ තිබෙන පොලීසිය ඉතා දූෂිත බව පොලිස්පතිවරයා විසින්ම පවසා තිබීමද ඉතා බරපතල සඳහනකි.

පොලීසියේ හෝ දේශපාලනික හිංසනයන් නිසා මෙරටින් පැන ගොස් විදේශයක පුරවැසි කම ඉල්ලා සිටින අයෙකුට තම රටේ කෙරුවාව ගැන පෙන්වීමට මෙම පෙත්සම කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් කළ හැකි නෛතික ⁣වටිනාකමකින් යුතු ලියවිල්ලකි.

⁣අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ සඳහන අවධානයට ගත හොත් ඉන් අනාවරණය වන්නේ ඔහු සැඟවී සිටින තැන රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් දැන සිටින බවය. එහිදී රාජ්‍ය යාන්ත්‍රණය දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගන්නා බවට අභියාචනාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වක්‍ර ආකාරයෙන් සහතිකයක් දී ඇති බවද පැහැදිලිය.

පොලීසිය දේශබන්දු තෙන්නකෝන් සොයා නාඩගම් නටන්නේ මේ පසුබිමේය. දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ හා පුත්‍රයා අපරාධ විමර්ශනයට කැඳවා කට උත්තර ලබා ගත්තද ඉන් එහා ඔවුන්ට කිසිදු අතුරු අන්තරාවක් සිදු නොවීය.

එහෙත් වරෙන්තු නිකුත් කෙරුණ සාමාන්‍ය පුරවැසියෙකුගේ අඹු දරුවන්ට නම් මේ මුක්තිය කෙසේවත් හිමි නොවේ. එය එසේ වූයේ නම් වරෙන්තු කරුවෙකුට රැකවරණ දීමේ චෝදනාව යටතේ ඒ අඹු දරුවන්ට ලගින්නට වන්නේ වැලිකඩ ⁣හිරගෙදරය.

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වුවද ඔහු සැඟවී සිටින ස්ථානය ගැන ජනතාව අතර යම් පොදු අදහසක් තිබේ. එය ඉතා ප්‍රචලිත තොරතුරක් වුවද NPP ආණ්ඩුවේ බලධරයන් හා පොලීසිය ඒ සම්බන්ධයෙන් මුණිවත රැකීම හාස්‍ය ජනකය. ඉන් හැඟී යන්නේ ජාතික ජන බලවේගය බලයට පත් කරවීමට බිම් මට්⁣ට⁣මේ වෙහෙසුන පාක්ෂිකයන්ට වඩා ජනපති සහෝදරයා ඇතුළු මැති ඇමතිවරුන්ට ටිරාන් අයියා වැදගත් වන බවය.

NPPයේ කෙරුම්කාරයන් ශුද්ධාත්මයක් ලෙස ටිරාන් වැළඳගෙන සිටීම ආණ්ඩුවේ සොහොන් ලකුණ බව⁣ට පත්වීමට බොහෝ ඉඩකඩ පවතී. එය මේ ආණ්ඩුවට එරෙහි යටි බිම්ගත කුමන්ත්‍රණකාරීන්ට හොඳ තුරුම්පුවක්ද විය හැකිය. දේශබන්දු තෙන්නකෝන් වැන්නන් රඟපාන්නේද ඒ නාඩගමේ චරිත බව වටහා ගැනීමට තරමේ අව⁣බෝධයක් අඩුම තරමේ ජවිපෙ මුදුන් ඇවරියේ කාඩරයට හෝ නොතිබීමද පුදුම සහගතය. ඒ මේ සෑම දෙනාම සිටින්නේ NPPයට හිම් වූ මැතිවරණ ජයග්‍රහණයේ උද්දච්ච ආඩම්බරකමකින් නිසා බව සිතිය හැකිය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දුගේ නීතිඥවරුන්ගෙන් අභියාචනාධිකරණයට මෝසමක්!

Next Post

අධික උෂ්ණත්වය නිසා විජලනය වීමෙන් යාපනයේ ගුරුවරියක මිය යයි… පසුගිය සතියේත් ගුරුවරයෙක් විජලනයෙන් මිය ගිහින්…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.