වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.
මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. ( දෙරණ )







