දිනසේන රතුගමගේ –
යාපනයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය දරා ගත නොහැකිව විජලනය වීම හේතුවෙන් පාසල් ගුරුවරියක මිය ගොස් තිබේ.
ඊයේ (16) දහවල් මෙම ඛේදනීය ඉරණමට ගොදුරු වී ඇත්තේ කොකුවිල් රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ ප්‍රියදර්ශනී කනගරත්නම් නැමති 53 හැවිරිදි ගුරුවරියකි.
ඇය දරුවන් වෙනුවෙන් අමතර පන්තියක් පැවැත්වීමට පාසලට පැමිණ සිටි අවස්ථාවේදී විජලන තත්ත්වයකින් සිහිසුන්ව ඇද වැටීමෙන් පසුව හෘදය අකර්මන්‍ය වීමෙන් මියගොස් ඇති බව මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පවතන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.
පසුගිය සතියේද යාපනයේ පාසල් ගුරුවරයෙකු මේ ආකාරයටම අධික විජලනය හේතුවෙන් මියගොස් තිබුණි.
කොකුවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයැවීමෙන් පසුව මියගිය ගුරුවරියගේ මෘත ශරීරය අවසන් කටයුතු සදහා ඥාතීන් වෙත බාර දී තිබේ.







