බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ ආවරණය කරන පොලිස්පති සහ පොලිස් කොමිසම අතර ගැටුමට මුල පොලිසියම කියයි!

by editor
මාර්තු 5, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් කොමිසම අතර මේ වනවිට ඇති වී තිබෙන දැඩි ආරවුලට ප්‍රධාන හේතුව වන්නේ පාලිස්පතිවරයා පත් වූ පසු පොලිසියේ ඊට පහළින් වනවිට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාවන ලලිත් පතිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන තනතුරින් ඉවත් කිරීමට ගත් උත්සාහය පොලිස් කොමිසම විසින් අනුමත නොකිරීම බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

තවමත් පොලිස්පතිවරයා ලෙස පිළි ගැනෙන්නේ අධිකරණයෙන් ස්වකීය රාජජකාරි අවාරණය කිරීම තහනම් කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන්වන අතර ප්‍රියන්ත වීරසූරිය වැඩ ආවරණය කරන පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මූලික රාජකාරිය කරමිනි. උතුරු මැද පළාතට තවමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කර නැත. ඔහුගේ රාජකාරිය තවමත් අධීක්ෂණය වන්නේ පොලිස් කොමිසම යටතේය. වැඩ ආවරණය කරන පොලිස්පතිවරයා පොලිස් කොමිසම සමග මේ ගැටුම ඇති කරගන්නේ එවැනි පරිසරයක් තුළ සිට බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ පොලිස්පතිවරයා පත් කළ පසු ඔහුට පහළින් සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට පොලිස් පරිපාලන අංශය භාර දීමය. පොලිස් පරිපාලන ප්‍රධානී තනතුර දරන්නේ ඊලඟ පොලිස්පතිවරයා බවට තහවුරුකරන මට්ටමට එම සම්ප්‍රදාය පොලිසිය තුළ  මුල් බැසගෙන ඇත.

මේ වනවිට ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරින් මාරු කර ඒ සඳහා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරගැනීමට කරන උත්සාහය පොලිස් කොමිසම සහ වැඩ බලන පොලිස්පතිවරයා අතර ගැටුමට හේතුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.

පොලිස් කොමිසමේත්, පොලිසියේත්, දේශපාලන ආරංචි මාර්ගවලත් හෙළිකිරීමට මේ ගැටුම ආරම්භ වන්නේ වැඩ ආවරණය කරන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදේශ සංචාරයක් යන අවස්ථාවේ ස්වකීය රාජකාරි ආවරණය සඳහා ඔහුට පසු පොලිසියේ සිටිනා ජ්‍යෙෂ්ඨම නිලධාරියාවන පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලලිත් පතිනායක වෙනුවට වෙනත් නිලධාරියෙක් නිර්දේශ කිරීමත් ජනාධිපති ලේකම්වරයා විසින් එම නිර්දේශය අනුමත නොකර ලලිත් පතිනායකව පත් කිරීමත්ය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එමෙන්ම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට ලලිත් පතිනායක කැඳවීමත්, ජනාධිපතිවරයා යාපනයේ ගිය අවස්ථාවේ දී ජනාධිපති වෙනුවෙන් පොලිස් සම්බන්ධීකරණ කටයුතු ලලිත් පතිනායක වෙත පැවරීමත් මේ සීතල යුද්ධය ඇවිලවීමට තවත් උත්තේජනයක්   වූ බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පොලිස්පතිවරයා පොලිස් කොමිසම පිළිබඳව සිය අප්‍රසාදය පසුගිය දා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඊට තද බල පිළිතුරක් ඊයේ (05) ඔහුට  පොලිස් කොමිසමෙන් ලැබී තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත් අඩංගුවට…

Next Post

අවුරුදු සමයේ වෙළෙඳපලට දාන්න ගබඩා කරගෙන තිබූ කුණු පිටි මෙට්‍රික් ටොන් 750ක් අල්ලයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.