ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය රැකියා ජාවාරමක් මත සිදුවූ ආරවුලක් මුල් කරගෙන සිදුවි ඇති බවත් ඝාතන සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
වසා දමා තිබූ හෝටලයක් තුළ දී මෙම ත්‍රිත්ව ඝාතනය සිද්ධ වනනේ පසුගිය 30 වනදා රාත්‍රියේ 11.15ට පමණය.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් මෙම අපරාධය සිදුකර තිබිණි.
වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.
ඝාතන සිද්ධිය සම්බන්ධව තොරතුරු රැසක් වාර්තා වී ඇති බව පොලිසිය කියයි.
ඝාතන සිද්ධියේ පූර්ණ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ.







