මින් ඉදිරියට පොලිස් ස්ථානවලට කිසිදු පැමිණිල්ලක් භාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය චක්‍රලේඛයක් මගින් අවධාරණය කර තිබේ.
පොලිස් පැමිණිලි සටහන් කිරීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් පැමිණිලි සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කිරිම් පිළිබඳව තමන්ට ලිඛිතව සහ වාචිකව පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, පොලිස් නිලධාරියෙක් විසින් කිසිසේත්ම නොකළ යුතු එම අවකල් ක්‍රියාව සිදුකරන පොලිස් නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩ බලන පොලිස්පතිවරයා විසින් දන්වා තිබේ.
පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද වැඩ බලන පොලිස්පතිවරයා එම චක්‍රලේඛනය පෙන්වා දී ඇත.
ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස කුමණ කාරණයක් ඉදිරිපත් කළත් පොලිස් ස්ථාන වෙත පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සටහන් කිරීම සහ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම පොලිස් නිලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බවද එහි සඳහන් වේ.







