මනම්පිටිය නිමල් ජයරත්න –
වෙඩි තබා ඝාතනය කළ අවුරුදු තරුණ වන අලියෙකුගේ සිරුරක් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රධාන මාර්ගයේ තිබී අද (31) උදෑසන හමුවී ඇති බව වැලිකන්ද වනජීවී කාර්යාලය සඳහන් කරයි.
වන අලියාගේ හිස ප්‍රදේශයට වෙඩි උණ්ඩ හතරක් පමණ වැදී ඇති අතර එම වන අලියාට වයස අවුරුදු 20 ත්, 25 ත් අතර පමණ වන බව වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (31 ) සවස වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සමීර කළිගුආරච්ච සහ වනජීවි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.







