ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ.

ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය හැකිය. මෙම පාඨමාලාව හඳුන්වා දීම තුළින් ජාතික සෞඛ්‍ය ප්‍රමුඛතා අනුව යමින් මුඛ සෞඛ්‍යය උසස් කිරීමට IIHS සතු කැපවීම පිළිබිඹු වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් සහ රජයේ පාසල් දන්ත චිකිත්සකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ප්‍රභාශිනී කමරදිවෙල ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. මුඛ සෞඛ්‍යය ප්‍රමිති ඉහළ නැංවීමට ඇති අවශ්‍යතාව ඔවුහු පෙන්වා දුන්හ.

සෛද්ධාන්තික දැනුමෙන් හා ප්‍රායෝගික පුහුණුවෙන් සිසුන් සන්නද්ධ කරමින් විශාල පරාසයක විහිදුණු රැකියා සඳහා ප්‍රවේශ වීමට ඔවුන්ට ඉඩ සැළසීමේ අරමුණෙන් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත. දන්ත රෝග වළක්වා ගැනීම, රෝගීන් කළමනාකරණය සහ ප්‍රජා සෞඛ්‍ය දායකත්වය වැනි වැදගත් විෂය සියල්ල ආවරණය වන ලෙස එහි විෂය නිර්දේශ සකසා ඇත. ඒ තුළින් නිපුණතාවලින් පරිපූර්ණ සහ දන්ත සෞඛ්‍යය පිළිබඳ වර්තමාන අභියෝගයන්ට මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමට අපේක්ෂා කරයි. පුද්ගල සහ මහජන සෞඛ්‍යය යන අංශ දෙකටම අදාළව ඉගැන්වීම් සිදු කරන වර්තමාන සුව සේවා ප්‍රතිපත්තිවලට අනුකූලව විශිෂ්ට සේවාවක් සැපයීමට අවශ්‍ය දැනුම මේ තුළින් ලැබෙනු ඇත.

මෙම උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන වෘත්තිකයන් මුඛ සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීම, රෝග වළක්වා ගැනීම පිළිබඳ මඟ පෙන්වන්නන් බවට පත් වනු ඇත. මෙම පාඨමාලාව දියත් කිරීමට සුව සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ආනන්ද ජයලාල් සහ ප්‍රභාශිනී කමරදිවෙල යන මහත්ම මහත්මීන්ගේ නොමඳ සහාය ලැබී ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රමිති ශක්තිමත් කිරීමට මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ වැදගත්කම මැනවින් හඳුනා ගෙන ඇති IIHS ආයතනයේ මෙම උපාධි පාඨමාලාව තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට අදාළ පිරිවැය අවම කර වඩා යහපත් ජීවන තත්ත්වයක් තුළින් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු ප්‍රජාවක් බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

“ශ්‍රී ලංකාව තුළ මුඛ සෞඛ්‍යය පිළිබඳව විප්ලවකාරී වෙනසක් ඇති කිරීම සඳහා වන අපගේ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස මෙම උපාධි පාඨමාලාව හඳුන්වන්න පුළුවන්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එකතු වී මෙවැනි පාඨමාලාවක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙම පාඨමාලාව සම්පූර්ණ කරන සියලු දෙනා අපේ රටේ මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කරයි කියලා අපට විශ්වාසයි.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Share69Tweet43
Previous Post

ක‍ාර් වැනි පුද්ගලික වාහන ආනයනයට ආණ්ඩුව තව හිතලවත් නෑ… වාහන ආනයනකරුවන්ගේ සංගමය හෙළි කරයි…

Next Post

රංජීවගෙන් මරණීය තර්ජන… ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ අජිත් ධර්මපාල පොලිස් ඇමතිට ලිඛිතව දන්වයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.