දෙකෝටි පනස් ලක්ෂයක වීදි වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් රැගෙන කටුනායක ගුවන් තොටුපලින් පිටවී යෑමට උත්සාහ කළ ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම 36 හැවිරිදි ව්‍යාපාරිකයා මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.ඒල්. 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ ඔහුගේ ගමන් මලු තුළ තිබූ සාරි අතර සඟවා තිබියදී ය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වේ.








