සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් 27ක් (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.
නීතීඥ මංජුල බාලසූරිය හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.







