මහ බැංකු බැඳුම්කර වංචාව, පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු පසුගිය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
මේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව අද පස්වරුවේ පැවැත්වූ මාධය හමුවක දී මේ සම්බන්ධව දීර්ඝ ලෙස විස්තර කිරීමක් කළේය.
“මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝග කරනු ලැබුවා උපදෙස් ලබා දුන්නා වැඩ බලන පොලිස්පති තුමාට විශේෂ විමර්ශන කීපයක් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරලා කඩිනම් කරලා කටයුතු කරන්න කියලා.
විශේෂයෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාල විමර්ශනය, පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශනය, කඩිනම්ව සහ වැඩිපුර නිලධාරින් යොදවලා වැඩි අවධාරණයකින යුතුව කරන්න කියලා උපදෙස් ලැබුණා.
ඒ වගේම දිනේෂ් ෂාෆ්ටර් ගේ සිය දිවි නසා ගැනීම ලෙස අනාවරණය වූ මරණ සිද්දිය,
ඒ වගේම ප්‍රමාණවත් විමර්ශන කටයුතු සිදු වී නැති බව අනාවරණය වන වර්ෂ 2007 දී නැගෙනහිර දි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර් රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම්ගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය
ඒ වගේම වැලිගම W15 හෝටලය ඉදිරිපිට 2023.12.31 දින වැලිගම පොලිසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම
බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දි පැහැරගෙන යෑමෙන් පසු 2005.4.28 දින මිය ගොස් තිබුණ භාරති ශිවරාම් හෙවත් ධර්මරත්නම් ශිවරාම් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ
එමෙන්ම 2011 දෙසැම්බර් මාසේ 09 වැනිදා යාපනය ප්‍රදේශයේ දී අතුරුදහන් වූ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානදන් කියන පුද්ගලයින් දෙදෙනා ගැන.
මේ විමර්ශන කටයුතු කඩිනම්ව කිරිමටත් එහි ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දීලා තියනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







