බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු දිනය දා ගුරුවරු පුදුම කරන්න තොරණක් ගහන්න ගිය සිසුවෙක් විදුලි සැර වැදීම නිසා ගසකින් ඇදවැටී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ!

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ගුරු දිනය දා ගුරුවරුන් පුදුම කිරීමට පාසලේ    තොරණක් ගැසීමට අවශ්‍ය පොල් අත්තක් කැපීමට ගිය පාසල් සිසුවෙකු  කපමින් සිටි පොල් අත්ත විදුලි රැහැන්වල වැදීමෙන් විදුලිසැර වැදි බිම ඇද වැටී බරපතල තුවාල සහිතව ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ මිනුවන්ගොඩ කෝපිවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන  දිනිඳු කවිෂාන් ජයසේකර  නමැති පාසල් සිසුවෙකි  .

මෙම පාසල් සිසුවා  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු බවද  කෝපිවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය  .

විදුලි සැර වැදී  බිම ඇද වැටුණු පාසල් සිසුවා   බිම තිබූ කොන්ක්‍රීට් දැමූ යකඩ බටයක් මතට වැටී ඇති බවත් එහිදී යකඩ බටය ඇනීමෙන්  සිසුවාගේ තුනටිය ප්‍රදේශයට  තදබල ලෙස තුවාල සිදුවී  තිබූ  බව මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය  .

අනතුර සිදුවී තිබුණේ ඊයේ සවසය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

බරපතළ තුවාල සහිතව මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළ සිසුවාව  වහාම ගම්පහ මහ රෝහල වෙත මාරු කර යැවූ බවද එම රෝහල් ප්‍රකාශකයා කීය  .

අප මෙම සිසුවා පිළිබඳව  ගම්පහ මහ රෝහලෙන් කළ විමසීමේදී  අද (07)   උදෑසන එම පාසල් සිසුවාව ශල්‍යකර්මයකට  ලක් කරන බව  එහි උසස් වෛද්‍යවරයෙකු ලංකාසරට පැවසීය  .

අනතුරට පත් සිසුවා සහ ඔහුගේ මිතුරන් පිරිස පාසලට පැමිණ  අද (07)  දින ගුරු දිනය සැමරීම වෙනුවෙන්  පාසලේ ප්‍රධාන දොරටුව අසල තොරණක් ඉදිකිරීමට   මෙම පොල් අතු කැපීම සිදුකර  තිබේ .පාසල්  භුමිය  තුළ පිහිටි  පොල්ගසක මෙම  අතු කැපීම සිදුකර තිබිණ .

අද  (07) දින උදෑසන පාසලට පැමිණෙන  තම ගුරු මවුපියවරුන්  පුදුමයට පත් කිරීමේ අරමුණින්  මෙම සිසුන් පිරිස එක්ව  ගුරු උපහාර තොරණක්    ඉදිකිරීමට   පොල් අතු කපමින් සිටියදී  මෙම අනතුර සිදුවී ඇති බවත්  මෙසේ තොරණක් ඉදිකිරීම පිළිබඳව  පාසලේ විදුහල්පතිවරයාව හෝ  ගුරුවරුන්ව  සිසුන් විසින් දැනුවත් කර නොතිබුණු බවත්  එම විද්‍යාලයේ විදුහල්පතිවරයා  අප කළ විමසීමේදී පැවසීය  .

පොල් අත්ත කපමින් සිටියදී විදුලිසැර වැදි බිම ඇද වැටුණු සිසුවාව සහෝදර සිසුන් හා  පාසල අවට වැඩිහිටි පිරිස් එක්ව  මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන  තිබිණ  .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුට්ටු දෙකේ මඩ ගහන්න කාලය කන්නේ නැතිව ලැබුන ජන වරමින් රටට වැඩක් කරන්න… එ.ජා.ප. නියෝජ්‍ය නායක ආණ්ඩුවට කියයි!

Next Post

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.