සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුට්ටු දෙකේ මඩ ගහන්න කාලය කන්නේ නැතිව ලැබුන ජන වරමින් රටට වැඩක් කරන්න… එ.ජා.ප. නියෝජ්‍ය නායක ආණ්ඩුවට කියයි!

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස්තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනීයන බවත් තම පක්ෂය එකී පදනම් විරහිත ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය ලෙස තරයේ හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන අවධාරණය කරයි.

අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස ඔක්තෝබර් 06 වනදා ලිඛිත නියෝග ලබාදී ඇති බව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ නමුත් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ අද (07) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එසේම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා යොදානොගත් බවත් එය භාවිතා කළේ නිල රාජකාරි කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන් රුවන් විජේවර්ධන සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ ප්‍රකාශ පමණක් බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මෙසේද සඳහන් කළේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන බව පෙනීයනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප එකී ප්‍රකාශ තරයේ හෙළා දකිනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය ධන පැත්තට හරවා දුන්නේ ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. නමුත් එතුමා ඉලක්ක කර කිසියම් අපහාසාත්මක අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටිනවා.

ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා.
ඊයේ, එනම් ඔක්තෝම්බර් මස 06 වන සඳුදා සවස වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති – මානව සම්පත් කළමනාකරණ, සිසිර කුමාර විසින් ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත්කර තිබෙන බවත් එහි සඳහන් වුණ. ඊට අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී තිබෙනවා.

නමුත් මේ පිළිබඳව සමාජමාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත්, ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරි වල සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා. අපි විශ්වාස කරනවා එතුමා මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කරයි කියලා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කිසියම් වෛරයක් ඇතිකරවීමට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් ක්‍රියාකරන බවක් පෙන්නුම් කරනවා

එසේම පසුගිය දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් විසින් හිටපු ජනාධිපතිවරයා විසින් භාවිතා කල ජනාධිපති මන්දිරයේ මුලුතැන්ගෙය යැයි සඳහන් කරමින් විදේශ රටක මුලුතැන්ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙනවා., එවැනි තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය නිසිලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින් විසින් එය සමාජජාල මාධ්‍ය තුල හුවමාරු කරමින් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිතා කරනු ලැබුවේ දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන් හිදී පමණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වික්‍රමසිංහ මහත්මිය වාසය කලේ ඔවුන්ගේ පුද්ගලික නිවසේ බවත් සඳහන් කළ යුතුයි.

ඒ වගේම ජනාධිපති මන්දිරයේ නිල උත්සව අවස්ථාවන් වලදී පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපාන වලින් සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් වන බවත් අවධාරණය කළ යුතුයි.

කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වික්‍රමසිංහ මැතිණියගේ අවශ්‍යතාවයන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සිදුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශයන් මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ මඩ ප්‍රකාශයක් පමණක් බවත් මා සඳහන් කරනවා.

ඒ වගේම මඬ ගහමින් කාලය කා දමන්නේ නැතුව තමන් ලද ජනවරම ප්‍රකාරව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කැපවීමෙන් ක්‍රියාකරන ලෙස අප වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යාලුවන්ගෙන් ඉල්ලා මිලියන 75ක පාස්කු වන්දිය ගෙව්ව හැටි!

Next Post

ගුරු දිනය දා ගුරුවරු පුදුම කරන්න තොරණක් ගහන්න ගිය සිසුවෙක් විදුලි සැර වැදීම නිසා ගසකින් ඇදවැටී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.