දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ තැපැල් සේවකයෙකු නිල ඡන්ද පත්රිකා බෙදමින් සිටියදී ඔහුට පහර දී නිල ඡන්ද පත්රිකා පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ ( 10 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කිළිනොච්චියේ ශාන්තපුරම් ප්රදේශයේදීය.
නිල ඡන්ද පත්රිකාවක් බෙදා දීමට ගිය තැපැල් සේවකයාට ලිපිනයක් සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති අතර ඔහු ඒ ලිපිනය ගැන අසල වෙළද සැල් හිමියෙකුගෙන් තොරතුරු විමසමින් සිටියදී එම ස්ථානය පැමිණි පුද්ගලයෙකු තැපැල් සේවකාට බැන වැදී ඔහුට පහර දී ඇත.
පසුව තැපැල් සේවකයා ළග තිබූ නිල ඡන්ද පත්රික පැහැර ගැනීමට එකී පුද්ගලයා උත්සාහ කළ අවස්ථාවේදී වෙළද සැලේ සිටි පිරිසක් එම ක්රියාවට ඉඩ දී නොමැත.
අදාල තැපැල් සේවකයා මේ බව කිළිනොච්චිය ප්රධාන තැපැල් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව ඔහු පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරුව අත් අඩංගුවට ගත් කිළිනොච්චිය පොලීසිය ඔහුව කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







