සජිත් ප්‍රේමදාසට සහය පල කිරීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මුලින් ගෙන තිබූ තීරණය හදිසියේම වෙනස් වී තිබීම හේතුවෙන් ඊයේ යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන ජන රැළියක් එහි සංවිධායකයින් විසින් හදිසියේම අවලංගු කර තිබේ.
පසුව එම ජන රැළිය සඳහා සකස් කළ වේදිකාව සංගීත ප්‍රසංග වේදිකාවක් බවට පත් කිරීමට එම සංවිධායක පිරිස කටයුතු කර ඇත.
සජිත් ප්‍රේමදාසට පෙර ජලනි ප්‍රේමදාස හා ජී.එල්.පීරිස් ද තවත් පිරිසක්ද යාපනයේ රැලියට පැමිණි නමුත් දේශපාලන වේදිකාවක් එහි සංවිධානය වී නොතිබුණි.
හිස් වේදිකාවේ ගීත වාදනය වෙමින් තිබූ අතර ගීත ඇසීමට තරුණයින් කීප දෙනෙකු පැමිණ පසුව ඔවුන්ද ආපසු හැරී ගොස් තිබේ.
සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පළාත් සභා සම්බන්ධයෙන් හා ඒවාට ලබා දෙන බලතල සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වන කාල රාමුව සම්බන්ධයෙන්ද ගැටලු රැසක් ඇති බව පෙන්වා දෙන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඒවාට ඔහු සමග සාකච්ඡා කොටම විසදුමක් ලබා ගැනීම අවශ්‍ය බවට තීරණය කොර සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය දැකවීම තාවකාලිකව නවත්වා තිබිණි.
කෙසේ වෙතත් වවුනියාවේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මාවෙයි සේනාධිරාජා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ මස 15 වෙනිදා වන විට ලබා දෙන බවයි.







