අගෝස්තු මස මුලදී බංග්ලාදේශයේ පැවති විරෝධතා අතරතුර සිදු වූ බව කියන මිනීමැරුමක් සම්බන්ධයෙන් බංගලාදේශයේ ජ්‍යෙෂ්ඨ තුන් ඉරියවු ක්‍රීඩක ශකීබ් අල් හසන් චෝදනා ලැබ ඇති බව ලෝ ප්‍රකට ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම අපරාධය සම්බන්ධව පුද්ගලයින් 147ක් වෙත චෝදනා ගොනු කර ඇති අතර එම 147 දෙනා අතර ෂකීබ් අල් හසන් ද සිටින බව, නඩුව පවරා ඇති ඩකා හි ඇඩබෝර් පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ESPNcricinfo වෙත තහවුරු කර ඇත. පළමු තොරතුරු වාර්තාව අනුව මෙම නඩුවේ ෂකීබ් 27 වැනි හෝ 28 වැනි විත්තිකරු ය.
බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ සේවකයෙක් වූ ඝාතනය කරන ලද මොහොමඩ් රුබෙල් වෙනුවෙන් ඔහුගේ පියා වන රෆිකුල් ඉස්ලාම් උක්ත ඝාතන නඩුව බ්‍රහස්පතින්දා ගොනු කර තිබුණේය.
බංග්ලාදේශයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා වීමට අමතරව, ෂකීබ් මේ මස මුල දක්වා බංග්ලාදේශයේ බලයේ සිටි පක්ෂය වන අවාමි ලීගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. උද්ඝෝෂණ පැවති අවස්ථාවේ බංග්ලාදේශයේ අගමැතිනිය වූ ෂීක් හසීනා සහ එම පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද මෙම ඝාතනයේ විත්තිකරුවෝ අතර වෙති.
කෙසේ වෙතත්, ෂකීබ් අගෝස්තු 5 වැනිදා හෝ හසීනාගේ ඉල්ලා අස්වීමට තුඩු දුන් විරෝධතා අතරතුර කිසිදු අවස්ථාවක බංග්ලාදේශයේ සිටියේ නැත. කෙසේ වෙතත් පසුව ශික් හසීනා රටින් පලා ගියේය. ෂකීබ් ඒ වන විට සිටියේ කැනඩාවේය.
ජූලි 26 සිට අගෝස්තු 9 දක්වා ඔහු කැනඩාවේ බ්‍රැම්ප්ටන් හි පැවති ග්ලෝබල් ටී 20 කැනඩා ලීගයේ ක්‍රිඩා කළේය. කැනඩාවට පැමිණීමට පෙර ජූලි මැද දක්වා ප්‍රධාන ලීග් ක්‍රිකට් වලට සහභාගී වීමට ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටියේය
ඩේලි ස්ටාර් වාර්තා කළේ, “අගෝස්තු 5 වන දින ඇඩබෝර් ප්‍රදේශයේ රින්ග් පාරේ රුබෙල් ඇතුළු සිසුන් සිය ගණනක් විරෝධතාවයේ යෙදී සිටියදී ඉහළ උපදෙස් පරිදි විත්තිකරුවන්ගෙන් සමහරක් සෘජුව හෝ වක්‍රව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වුන බව පැමිණිලිකරු චෝදනා කර තිබිණි”. වෙඩි තැබීමෙන් රුබෙල් තුවාල ලැබූ අතර දි රෝහලට ඇතුළත් කර දින දෙකකට පසු මිය ගිය බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ජූලි 16 සිට අගෝස්තු 4 දක්වා කාලය තුළ නොසන්සුන්තාවයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවන බව දක්වා තිබේ. සමහර වාර්තා මගින් එම සංඛ්‍යාව 650 ඉක්මවන බව සඳහන් කර ඇත. බොහෝ පුද්ගලයින් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ. අවාමි ලීගයේ බිඳවැටීමෙන් පසු, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවා තිබේ.







