තමන් අත්හැර රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය පිරිස සම්බන්ධව හිනා වෙනවා හැර වෙන යමක් කියන්නට නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ දළදා මාළිගාව වැඳ පුදාගෙන මහා නායක හිමිවරුන්ගේ ආශීර්වාද ලබා ගැනීම සඳහා සිය වැඩිමහල් පුතනුවන් වන ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ කැඳවාගෙන මහනුවරට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඕනෑම මැතිවරණයක් අභියෝගයක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසය පල කළේය.
තමන් අත්හැර ගිය පිරිස යළි පක්ෂයට ගන්නේ දැයි ඇසූ පැනයට මහින්ද රාජපක්ෂ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
” මගේ ලඟ තියෙන්නේ සැලොන් දොරක්. යන්නත් පුලුවන්. එන්නත් පුලුවන්. එයාලට ඕන වෙලාවක යන්න පුලුවන්. ආපහු ඕන වෙලාවක එන්න පුලුවන්. “







