වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා වැඩි කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය අද ලැබී තිබේ..
කම්කරු දෙපාර්තමේන්තුව සහ වැටුප් පාලක මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ ඇත.







