ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල දැරිය දූෂණය කළ දූෂකයින්ගේ පාර්ශවයෙන් දැරියටත් පොලිසියටත් දැඩි බලපෑම්… බාධක මැද දූෂකයින් 17ක් පොලිස් අත් අඩංගුවට… එක් සල්ලාලයෙකුගේ මවක් ද පොලිස් අත් අඩංගුවේ!

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • අධිකරණ වෛද්‍ය නිලධාරියාත් දූෂකයින්ගේ පැත්ත අරන්… පොලිසියට පැමිණිලි එයි…

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සිට විශාල සමාජ කණ්ඩායමක් විසින් ස්ත්‍රී දූෂකයින් බේරා ගැනීම සඳහා විශාල බලපෑමක් එල්ල කරමින් සිටින අවස්ථාවක පාසලේ සිසුන් 22ක් විසින් සමූහ දූෂණයට ලක් කළ දැරිය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වා ගැනීම සඳහා දැඩි අසීරුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම සිදුවිමට අදාලව මේ වන විට සැකකාර සිසුන්ගේ පාර්ශවයෙන් දැරියගේ පාර්ශවය වෙත දැඩි බළපෑම් එල්ල වෙමින් පවතින අවස්ථාවක විමර්ශන පවත්වන තණමල්විල පොලිසිය විසින් ඊයේ (11)  සවස දැරිය දූෂණය කළ සිසුන් 22 දෙදෙනාගෙන් සිසුන් 17 දෙනෙකු හා අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනා මත එක් සැකකාර සිසුවෙකුගේ මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට මත්තෙන් අධිකරණ වෛද්‍ය වර්තාවක් ලබාගත යුතු වුවත් හම්බන්තොට අධිකරණ වෛද්‍ය වරයා විසින් මෙම සිසුන් පරික්ෂා කිරිම ප්‍රතික්ෂේප කර තණමල්විල පොලිස් ස්ථානයට ලිපියක්ද එවා තිබේ.

මේ තැනැත්තා දූෂණයට ලක් වූ වින්දිත දැරියට බැණ වැදී පීඩාවට පත් කර ඇයගේ මවට පහරදීමට උත්සාහ කර ඇති බවත්, දූෂකයින් වෙනුවෙන් පෙනී සිටිමින් වැදගත් දෙමව්පියන්ගේ වැදගත් ළමයින් හිරේ විලංගුවේ දමන්නට උත්සාහ නොකරන ලෙස තර්ජනය කර දැරියගේ කටඋත්තරය තමන්ට අවශ්‍ය ලෙස ලියාගත් බවත් පිළිබඳ පැමිණිල්ලක් ජාතික ළමා ආක්ෂණ අධිකාරියට සහ පොලිසියට ඉදිරිපත් කර තිබිණි.

මේ දොස්තරගේ පීඩාව දරාගත නොහැකිව අවසානයේ දැරිය සිය දිවි නසා ගැනීමට ද උත්සාහ කළ බව එම පැමිණිල්ලේ දැක්විනි. මේ පැමිණිල්ල නිසා උරණ වූ අධිකරණ වෛද්‍යවරයා මෙම පරික්ෂණය ඉදිරියට කළ නොහැකි බව දැන්වීමත් සමග ඉදිරි විමර්ශන කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

වැල්ලවාය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයාද නිවාඩු ලබා ගොස් ඇති නිසා සැකකාර සිසුන් පිරිස තණමල්විල පොලිසය විසින් මොණරාගන මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සිසුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධ අනෙකුත් සිසුන් සම්බන්ධයෙන් හා මෙම සිදුවිම නීතියට වසන් කල බව කියන විද්‍යාලයේ විදුහල්පති වරයා හා විනය කමිටුවේ ගුරුවරුන් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර චෝදනා ඇති සියළුම දෙනා කුමන බළපෑම ආවත් අත්අඩංගුවටගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව අප කල විමසිමකදී තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ.

සිසුවිය සමූහ දූෂණයට ලක් කළ බව කියන සිසුන් 22 දෙදෙනා අතර සිටින එක් සිසුවෙකුගේ පියෙකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ඇත. ඔහුගේ මව ගුරුවරියකි.

කෙසේ නමුත් සිද්ධීය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසුන් 22ක් සමූහ දූෂණයට ලක් කළ දැරිය පිළිබඳ පරික්ෂණය කරන අධිකරණ වෛද්‍ය නිලධාරියා නිසා පීඩාවට පත් දැරිය සිය දිවි හානි කරගන්න හදලා….

Next Post

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් වෙයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.