දිනසේන රතුගමගේ –
-
මන්නාරමේ රෝහලේ කාන්තා සේවිකාවන්ට ගෙවල් වලින් වැඩට එන්න දෙන්නෙ නැති තත්ත්වයක් ඇති වෙලා!
මන්නාරම රෝහලේ ඉහළ නිලධාරීන් සේවිකාවන්ව ඔවුන්ගේ කාමරවලට කැදවා ලිංගික අතවර සිදු කිරීමට පටන් ගෙන ඇති බවට රෝහලේ කාන්තාවන් කීප දෙනෙකුම ඊයේ (11) රෝහල් පරිපාලනයට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.
එම පැමිණිලිවලින් පැමිණිලි කීපයක්ම හඬපට සමග සමාජ මාධ්‍ය වෙත මේ වන විට මුදා හැර ඇත.
රාත්‍රී කාලයට සේවයේ නිරතවන කන්තාවන් ඉහළ නිලධාරීන්ගේ කාමර වලට විවිධ හේතු ඉදිරිපත් කොට කැඳවා ගන්නා අතර එහිදී එම කාන්තාවන්ට මෙම ලිංගික අතවරවලට මුහුණ පෑමට සිදුව ඇතැයිද එම පැමිණිලිවල සඳහන් වෙයි.
මෙම ක්‍රියාවට රෝහලේ සේවිකාවන්ගෙන් සුලු සංඛ්‍යාවක් කැමැත්ත පල කොට සිටින්නේ එසේ කිරීමෙන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද හා නිවාඩු ඇතුලු බොහෝ දේ ලැබීම නිසා බව පැමිණිලි කරුවෝ කියති.
මේ තත්ත්වය පිළිබදව මන්නාරම පුරා ආරංචි පැතිර යාමත් සමගම කාන්තාවන් මන්නාරම රෝහලේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් නිවෙස් වලින් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා වේ.
මන්නාරම රෝහලේ සේවිකාවන්ගේ මේ පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ ආරම්භ වී නොමැති නිසා සේවිකාවන් ඔවුන්ගේ පැමිණිලි සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට පටන් ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.







