බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

චමරි නැතිව ගිහින් අපේ කෙල්ලො ටික අයර්ලන්තයට ක්‍රිකට් එපා වෙන්න ගහපු හැටි! කඩුළු 7ක සුපිරි ජයක්…

by editor
අගෝස්තු 12, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

චමරි නැති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වික්‍රමයක් කළේය. කෙල්ලන් අයර්ලන්තයේ දී අරයර්ලන්තය පරාජය කරන්නේ කඩුළු හතකිනි. එය සුපිරි ක්‍රීඩාවකි. විස්සයි 20 තරගාවලිය ආරම්භ කරන්නේ අපි බොහෝ උඩින් ඉන්නා කණ්ඩායමක් බව ලෝකයට යළිත් වරක් තහවුරු කරමිනි.

මෙම විස්සයි විස්ස තරග මාලාවට සුපිරි ක්‍රීඩිකා චමරී අතපත්තු නැත. ඇය ලබා දුන් මහා පෞරුෂය සහ විශ්වාසය ඇය නැතිව පවත්වාගෙන යා හැකි අන්දමට ශ්‍රී ලංකා කණ්ඩායම පරිනත වී ඇති අයුරු චමරි දකිනවා නම් ඇය ශතක ගණනාවක් ලැබුවාට වඩා සතුටු වනු ඇත.

විස්සයි 20 තරග මාලාවේ මුල්ම තරගය පැවැත්වූයේ අයර්ලන්තයේ සැන්ඩිමවුන්ට්හි ඩුබ්ලීන් නගරයේ බෙම්බ්‍රොක් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගනයේ ය. චමරි වෙනුවට නායකත්වයේ වගකීම් දරන්නී අනුශ්කා සංජීවනී ය. ඇය කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩිකාව ය. හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රීඩාවට ප්‍රවේශවන අනුශ්කා දැන් 34 හැවිරිදි පරිනත ක්‍රීඩිකාවකි. ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යාන්තර තරග 78කට සහභාගී වූ ක්‍රීඩිකාවකි. ඇය සිය පරිනත නායකත්ව ගුණය අද සනාථ කළාය.

හර්ෂිතා… අමතක නොවන ප්‍රහාරය…

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ. එහෙත් පන්දුවට පහරදීමේ දි අයර්ලන්ත කණ්ඩායම ශ්‍රි ලංකා පන්දු යවන්නියන්ට පීඩනයක් සහිත ප්‍රහාරයක් එල්ල කළහ. ලකුණු 24 දී මුල් කඩුල්ල ලෙස ඇමී හන්ටර් දැවී යන්නේ පන්දු 12ක දී ලකුණු 17ක් සහිත වේගවත් ඉනිමක් ආරම්භ කර සිටියදී ය. ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගැබී ලෙවිස් සහ ඕලා ප්‍රෙන්ඩර්ගාස්ට් ලකුණු 59ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නේය. දෙවැනි කඩුල්ල බිඳී යන්නේ ලකුණු 83 දී ය. ඉන් අනතුරුව කණ්ඩායම ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන යෑමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 06ක් දැවී ලකුණු 145කි. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 146 කි.

කාන්තා විස්සයි 20 තරගයක දී ලකුණු 146ක් යනු අසීරු ඉලක්කයකි. මේ අභියෝගය ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දීම සඳහා ගැබී ලෙවිස් ලකුණු පන්දු 33ක දී හතරේ පහර 05ක් සමග 39ක්, ඕලා ප්‍රෙන්ඩර්ගාස්ට් පන්දු 27ක දී ලකුණු 29ක්,  නායිකා ලෝරා ඩෙලන්සි පන්දු 21ක දි ලකුණු 25ක් රෙබෙකා ස්ටොකෙල් පන්දු 16ක දි හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් ලැබූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 35ට කඩුළු 02ක්, ලැබුවාය. උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් පෙනුනේ කස පුපුරන්නාක් බඳු ප්‍රහාරයකි. ආරම්භක පිතිකාරිනී යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න පන්දු 34ක දී හතරේ පහර 03ක් සහ හයේ පහරක් සමග ලකුණු 30කි. ඇයගේ තාක්ෂණය පූර්ණ ක්‍රීඩා විලාශය නර්තනයක් සේම අලංකාර බව දුටුවෙමු. 

විශ්මය ජනක ප්‍රහාරය හර්ෂිතා සමරවික්‍රමගෙනි. ආසියානු කුසලානය දිනා දීම සඳහා ඇය එල්ල කළ ප්‍රහාරය යළිත් සිහි විය. පිටිය සිසාරා හතරේ පහරය. හතරේ පහර 15කි. එක් හයේ පහරකි. පන්දු 45කට නොදැවි ලකුණු 86කි. ඔබ ඒ ඉනිම යළිත් නැරඹිය යුතු බවට යෝජනා කරමු.
කොළඹ ගෝතමී විද්‍යාලයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වු 26 හැවිරිදි මේ වමත් පිතිකාරිණිය ඇඟේ ජවයට වඩා ජවසම්පන්න වූ තාක්ෂණික ක්‍රීඩා විලාශයක් සහිතව පිතිකරණයේ යෙදෙන අයුරු බලාගෙන සිටියේ අසීමිත සතුටක් විඳමිනි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස විශ්මි ලකුණු 30කට  දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 10ක් තුළ  ලකුණු 83කි. ඒ වනවිට හර්ෂිතා ලකුණු 45ක් ලබාගෙන සිටියා ය. ශ්‍රී ලංකා ඉනිමේ එක් අන්තයක හර්ෂිතා සමරවික්‍රම නැංගුරම් ලා උන්නාය .දැවැන්ත ප්‍රහාර සහිතව ඇය සිය වේගවත් ඉනිම දියත් කරමින් සිටියාය. කවීෂා දිල්හාරි ලකුණු 09කට, නායිකා අනුෂ්කා සංජීවනී ලකුණු 12කට දැවී යනවිට හර්ෂිතා ශ්‍රී ලංකා කණඩායම අති විශිෂ්ට ජයග්‍රහණයට රැගෙන ආවාය. ඇය තරගය නිමා කරන්නේ ඇයට ලැබුණු අවසන් පන්දු තුනට පිට පිට හතරේ පහර 03ක් එල්ල කරමිනි.  තරගයේ ක්‍රීඩිකාව හර්ෂිතා ය. ඇයගේ ප්‍රහාරක වේගය 191 කි.

පන්දු ඕවර 16.4ක දි ලකුණු 149ක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. දැවී ගියේ කඩුළු 03ක් පමණය. කඩුළු 07කින් අපේ කෙල්ලන් දිනුම්ය. ෆ්‍රෙයා සගෙන්ට්, ඇලන් කෙලී සහ ලෝරා ඩෙලනි අතරේ කඩුල්ල බැගින් කඩුළු 03 බෙදී ගියේය.

අයර්ලන්ත සහ ශ්‍රී ලංකා තරගයක දි කණ්ඩායම් දෙකේම ඉහළම ලකුණු එකතුව මේ තරගයේ දී වාර්තා විය. කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව 294කි. 

ලෝක විස්සයි 20 ශ්‍රේණිගතකිරීම්වල අයර්ලන්තය ඉන්නේ අපට පහලින් බව සැබෑය. ඔවුන් දහවන තැනය. අප හත්වන තැනය. ආසියානු කුසලානය දිනා ගැනීමෙන් පසු බගංලාදේශය සහ පකිස්ථානය ඉන්නේත් අපට පහළිනි.

එහෙත් වෙනස්ම තත්ත්ව යටතේ ඔවුන්ගේ මව්බිමේ දී ඔවුන්ව මේ තරම් බිහිසුණු ලෙස පරාජය කිරීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ. මේ කියන්නේ ලෝක ශ්‍රේණිග කිරීම්වල ඉන්දියාවට ගසා ආරම්භ කළ නව වටය ලෝකම දිනාගෙන නිමා කිරිමේ හැකියාව ඇති බවය. අවශ්‍ය වන්නේ මේ විශ්වාසය යාවත්කාලීන කරගනිමින් අඛණ්ඩව පවත්වා ගැනීම පමණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලය අල්ලනවා නම් බොරු… අපට පවු නොදී කරුණා කර හදන බලවේගය ඉක්මනින් හදන්න… ඉන්දික අනුරුද්ධ එස්.එම්. චන්ද්‍රසේනට කියයි.

Next Post

දළදා පෙරහර මංගල්‍යයට අලි ඇතුන් හිඟයි… බස්නායක නිලමේවරු බරපතල අවුලක!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.