ශ්‍රියානි විජේසිංහ –
ලබන සැප්තැම්බර් 22වන දින මෙරටට පත්වෙන ජනාධිපතිවරයා කවුරුන් වුවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ට ප්‍රශ්නයක් නොමැති බවත් තම සංගමයට අවශ්‍ය වන්නේ ඔවුන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාව පමණක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.
පසුගිය සති කීපය තුළ තම සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මුණ ගැසුණු බවත් එහිදි වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු , වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැරයාම හා පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්රය බලපාන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව තුළ මේ සඳහා ලබා දී තිබෙන ඉඩකඩ කවරේද යන්න පිලිබඳව විමසුමක යෙදුන බවත් ඔහු පැවසුවේය.
එළඹෙන සතිය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට සංගමයේ සාමාජිකයින් කටයුුතු කරන බවද වෛද්‍ය චමිල් පැවසුවේය.
කෙසේ නමුත් පසුගිය කාලය තුළ වෛද්‍යවරුන්ට බලපෑ ගැටලුවලට යම් විසඳුම් ජනාධිපතිරයා ලබා දුන් නමුත් වෛද්‍ය අධ්‍යාපනය හා තවත් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණයන් නිවැරදි නොවීම හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කළ බවද හෙතෙම පැවසුවේය. .
කෙසේ නමුත් තම සංගමය මේ මොහොතේ දේශපාලන නායකයින් මුණ ගැසීම සිදුකරනුයේ තම සංගමයේ අලුතින් පත් වූ විධායක සභාවේ සාමාජිකයින් දේශපාලන පක්ෂ විපක්ෂ නායකයින් හා සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මුණ ගැසීම සම්ප්රදායක් ලෙස සිදුවන කටයුත්තකට අනුව මිස කිසිම දේශපාලන අවශ්‍යතාවක් මත නොවන බවද වෛද්‍ය චමිල් අවදාරණය කළේය.







