-
කථා නායකටයි අග විනිසුරුටයි පොලිස්පතිවරයාගේ ප්රශ්නය විසඳා ගන්න කීම මොනම ප්රජාතන්ත්රවාදී ක්රමයකටවත් එකඟ නෑ….
පොලිස්පතිවරයා සම්බන්ධව මේ වනවිට ඇති වී තිබෙන ප්රශ්නය කථානායකවරයාටවත් අගවිනිසුරුවරයාටවත් විසඳා ගැනීමට කීම කිසිම ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයකට එකඟ නොවන ප්‍රකාශයක් බවත්, මේ අවස්ථාවේදී රටේ ආරක්ෂක ඇමතිවරයා ලෙස, සේනාධි නායකයා ලෙස, ජනාධිපතිවරයා ලෙස වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකරන්නේ නම් ජනාධිපතිවරයා කරන්නේ තමන්ගේ මූලික වගකීමට පටහැනිව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බවත් හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද ( 29) ප්‍රකාශ කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ ඇති වි තිබෙන තත්ත්වය කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවට ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ ඒ බව ප්‍රකාශ කළයේ. ඔහු ඒ තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.
මාත් දැක්කා මාධ්‍යයේ තියනවා මේක අගවිනිසුරුවරයායි, කථානායක වරයයි එක්ක සාකච්ඡා කරලා කරන්න කියලා.
ඒක ප්රජාතන්ත්රවාදී ක්‍රමයට පරිබාහිරයි. ඒක කිසිම ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයකට ගැලපෙන්නේ නෑ. ලෝකයේ කිසිම රටක් එහෙම කරන්නේ නැ.
කථානායක කියන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා.අග විනිසුරු කියන්නේ අධිකරණයේ ප්‍රධානියා. එතකොට අධිකරණයේ ප්‍රධානිය වූ අගවිනිසුරුවරයාට මේ ගැන තීන්දුවක් ගන්න කියනවා ද කියන එක බරපතල ප්‍රශ්නයක්.
මොකද මේක අගවිනිසුරුතුමා නොමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ඡය මණ්ඩලයක් ඉදිරියේ අහපු නඩුවක්. එතකොට අධිකරණයේ ස්වධීනත්වය කියනකොට විනිසුරුවරයෙකුත් අනෙකුත් විනිසුරුවරයා එක්ක ගත්තම ස්වාධීනයි. ඒක නිසා තමයි විරුද්ධ මත තියන නඩු තීන්දු දෙන්නේ.
ඒ නිසා මේ ප්රශ්නය කථානායකතුමාටවත් අගවිනිසුරු තුමාටවත් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් කියන එක මම දකින්නේ නෑ.
එතුමා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා විදිහට, සේනාධිනායකයා විදිහට, ජනාධිපතිවරයා විදිහට වැඩ බලන පොලිස්පතිවරයෙක් වහාම පත් කළ යුතුයි. ඒක එතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරපු වගකීමක්.
ඒක නොකරනවා නම් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. ජනාධිපති ධූරයේ දිවුරුම් දෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරනවා කියන දිවුරුම උල්ලංඝණය කිරීමක්.







