දිනසේන රතුගමගේ –
වවුනියාව මුලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත තේක්කවත්ත ප්රදේශයේ නිවසක් සෝදීසි කිරීමේදී එම නිවස තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටි තරුණියන් හතර අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව වව්නියාව පොලිසිය පවසයි.
ඊයේ (21) සිදුකළ වැටලීමක දී පොලීසිය එම නිවසේ හිමිකරුද අත් අඩංගුවට ගෙන තිබේ.
වවුනියාවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියන් ගාල්ල හා මාතර ප්රදේශවල සිට පැමිණි අය බවටත් මෙම ගණිකා නිවාසය කාලයක් මුලුල්ලේම බෝඩිමක් පවත්වා ගෙන යන මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති බවටත් පොලීසියට තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හතර දෙනා හා නිවසේ අයිතිකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







