බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ජනාධිපති ජාතියෙන් සමාව ඉල්ලිය යුතු කරුණු ගණනක් තියනවා… නමුත් ඒ 19 සංශෝධනයේ දී ජයම්පති වික්‍රමරත්න අතින් සිද්ධ වුනා කියන වරදට නම් නෙමෙයි!

මේ ව්‍යවස්ථා වගන්තිය සංශෝධණය නොකළොත් ගැටලුවක් ඇතිවෙනවා කියන එක එතුමාම දන්න පරිදි අමූලික බොරුවක්...

by editor
ජූලි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් අත්දැකීම් අඩු කමින් නොසලකා හළ බව ජනාධිපතිවරයා කියන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය සම්බන්ධව ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ඉල්ලීමට කලබල විය යුතු නැති බවත්, ඔහුට ජාතියෙන් සමාව ඉල්ලනවා නම් එසේ ඉල්ලිය යුතු කරුණු ගණනක් ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් පවසයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වැනි ව්‍යවස්ථාවට අත නොතැබීම එම සංශෝධණය කෙටුම්පත් කරනවිට රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරන කැබිනට් කමිටුවක් තිබුණ බවත්, එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේත් රනිල් වික්‍රමසිංහ එවකට සිටි අගමැතිවරයා විසින් බවත් කී සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ 83වැනි ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම නිසා ගැටලුවක් ඇතිවී ඇතැයි පැවසීම එතුමාද දන්න පරිදි බොරුවක් බවය.

ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

අපි 19 වැනි සංශෝධනයේ ධූර කාලය වසර 6 වසර 5 කරනකොට අපි ඒකට අත ගැහුවේ නෑ. ඒ කාලයේ ආණ්ඩුව කිව්වේ අපි ජන මත විචාරණයකින් තොරව කරන්න පුලුවන් දේවල් කරන්නම් කියලා.

ඒ ප්‍රතිපත්ති තීන්දුව ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති වශයෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහත‍්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඒ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඒක ඩ්‍රාෆ්ට් කරන වෙලාවේ කැබිනට් කමිටුවක් තිබුණා. ඒ කැබිනට් කමිටුවේ ප්‍රධානියා එයා. එයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකමයි කියලා 83 වැනි ව්‍යස්ථාවට අත ගහන්නේ නැතිව මේක ඉදිරිපත් කළේ.

දැන් ඊයේ පෙරේදා එතුමා ගාල්ලෙදි කියලා තියනවා මේක ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා අතින් සිදුවුන වරදක් කියලා. ඒකෙන් ජාතීන්ගෙන් සමාවකුත් ඉල්ලලා තියනවා.

මේ තීරණය වෙන කවුරුත් ගත්තේ නෑ. මේ තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුවක්. ඒ ජන මත විචාරණයකින් තොරව කරන්න පුලුවන් දේවල් කරන්නම් කියලා රටට කියලා, එතුමාම ඒ සංශෝධනය ඉදිරිපත් කරලා එතුමා දැන් වෙන කවුද අතින් වරදක් වුනා. මම ජාතියෙන් සමාව ඉල්ලනවා කියලා.

ජාතියෙන් සමාව ඉල්ලනවා නම් එයා සමාව ඉල්ලන්න ඕන දෙවල් කීපයක් තියනවා. ඒත් මේක නෙමෙයි.

මේ වෙලාවේ මේක සංශෝධනය කරන්න ඕන කියලා කවුරුත්ම කියන්නේ නෑ. ඒකට උවමනාවක් නෑ. නිකම් කලබල කරලා, ජනාධිපති කාලය පහද හයද කියලා සැකයක් තියනවා කියලා කරන බොරුවක් මිසක් මෙතන වෙන මුකුත් නෑ. 83 සංශෝධනය නොකිරීම නිසා ගැටලුවක් තියනවා කියන එක එතුමාත් දන්න පරිදි බොරුවක්.

ඒ නිසා මේ වෙලාවේ ගේන්න ඔන නෑ.

ජනාධිපති නීතිඥ එම්.ඒ සුන්තිරන් පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල සහ මාතර සිට පැමිණ වව්නියාවේ ගණිකා වෘත්තියේ යෙදුන 4ක් අත් අඩංගුවට…

Next Post

අනාගතය ගැන හිතා ඡන්දය දෙන්න… විගමනිකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට පනස් දහස බැගින් දෙමින් ජනපති ඉල්ලයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.