බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාජයේ දුහුවිලි මතින් ඉපදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ලද ඓතිහාසික ජයග්‍රහණය…

by editor
ජූලි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

විවිධ කොන්සර්වේටිව් නායකයින් පස් දෙනෙකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් සිකුරාදා පස්වරුවේ මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇත.

ධූරයෙන් ඉවත්ව යන අගමැති රිෂි සුනක්, අලුයම 04:40ට පමණ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ බව පිළිගනිමින් ශ්‍රීමත් කියර්ට සුබ පැතීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දුන් බව පැවසීය.

මිනිත්තු කිහිපයකට පසු සිය ජයග්‍රාහී කතාවේදී කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාර්මර් “ජාතියේ පුනර්ජීවය” උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේය. “රට පළමුව, පක්ෂය දෙවනුව” තබන බවට ද පොරොන්දු විය.

පරාජයේ දූවිලි මතින් නැගී සිටීම

මෙම ප්‍රතිඵලය සනිටුහන් කරන්නේ, පක්ෂයේ වාසනාවේ විශ්මය ජනක පෙරළියකි. ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය 2019දී සියවසකට ආසන්න කාලයක් තුළ එය ලද දරුණුතම මැතිවරණ පරාජය අත්විඳිනු ලැබී ය.

කම්කරු පක්ෂය මෙය විශිෂ්ට ජයග්‍රහණය වර්තා කරන්නේ ඓතිහාසික පරාජය ලැබ වසර 5කට පසුවය. බ්‍රිතාන්‍ය පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්, නොඑසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 650ක් සිටිති. ඔවුන්ගේ එක් එක් “ආසන” රටේ කොතැනක හෝ තනි ඡන්ද කොට්ඨාසයක් – හෝ ප්‍රදේශයක් – නියෝජනය කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ වන විට කම්කරු පක්ෂය ආසන 410ක් දිනා ඇති අතර කොන්සර්වේටිව් පක්ෂයේ ආසන ගණන 119 දක්වා පහත වැටී ඇත. මධ්‍යවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 71ක් දිනා තිබේ. බ්‍රෙක්සිට් පක්ෂයෙන් පසු බිහිවුණු Reform UK පක්ෂයට ආසන හතරක් හිමිවනු ඇත.

කම්කරු පක්ෂයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අපේක්ෂිත බහුතර ආසන සංඛ්‍යාව 170ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් වන නමුත් එය 1997 මැතිවරණයේදී ටෝනි බ්ලෙයාර් යටතේ පක්ෂය විසින් දිනා ගන්න ලද 179ක බහුතරයට තවමත් අඩු ය.

තවදුරටත් පවසන්නේ නම්, බොරිස් ජොන්සන් යටතේ 2019 මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කිරීම – පක්ෂය ලද ඉතා ප්‍රබල සාර්ථකත්වයක් ලෙස සැලකෙන අතර එහිදී ඔවුන්ට ආසන 80ක බහුතරයක් හිමි විය.

සිහි තබා ගත යුතු දෙයක් තිබේ. එනම්, පක්ෂයකට බහුතර බලයක් තිබේ නම්, එයින් අදහස් වන්නේ, නීති සම්මත කිරීමට වෙනත් පක්ෂ මත යැපීමට අවශ්‍ය නොවන බව ය. බහුතරය විශාල වන තරමට එය පහසු වේ.

ප්‍රබල චරිත පරාජය වීම (නමුත් ඇතැමෙකු රැකිණි)

ලිස් ට්‍රස්: ඇතැම් විට වඩාත් ම කැපී පෙනෙන දෙය වූයේ, ලිස් ට්‍රස්ගේ පරාජය විය හැකි ය. තම පක්ෂය විසින් නෙරපා හරිනු ලැබීමට පෙර හිටපු අගමැතිනියට ධූරයේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ දින 49ක් පමණි. සිකුරාදා අලුයම ඇගේ නිරිතදිග නෝෆෙක් ඡන්ද කොට්ඨාසයට හිරු උදා වීමත් සමග ඇයට සිය ආසනය අහිමි විය.

ජේකබ් රීස්-මෝග්: හිටපු කොන්සර්වේටිව් ව්‍යාපාරික ලේකම් සහ බ්‍රෙක්සිට් සඳහා සහය දැක්වූ ජේකබ් රීස්-මෝග් පරාජයට පත් වූ ප්‍රබල චරිතවලින් කෙනෙකි. ඔහු ඔහුගේ නැගෙනහිර සමර්සෙට් සහ හැනම් ආසනය කම්කරු පක්ෂයට අහිමි කර ගත්තේ ය.

ග්‍රාන්ට් ෂැප්ස් : ආරක්ෂක ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් දකුණු එංගලන්තයේ සිය ආසනය අහිමි වීමෙන් පසු කලබලයට පත් වූ බවටක් පෙනෙන්නට විය.

පෙනී මෝර්ඩන්ට්: රිෂි සුනක් අගමැති වීමට පෙර පක්ෂ නායකත්වය සඳහා ඔහුට එරෙහිව ඉදිරිපත් වූ සභා නායිකාව වූ පෙනී මෝර්ඩන්ට්ට ද සිය අසුන අහිමි විය.

ජෙරමි හන්ට්ට: එක්සත් රාජධානියේ මුදල් ඇමතිවරයෙකුට සමාන බලයක් හිමි එරට චාන්සලර්වරයා ලෙස කටයුතු කරන ජෙරමි හන්ට්ට ඔහුගේ අසුන රැක ගැනීමට හැකි වුණු නමුත් ඒ බොහෝ අඩු බහුතරයකිනි.

 රිෂි සුනක් : යෝක්ෂයර්හි ඔහුගේ ආසනය 12,000ක පමණ පහසු බහුතරයකින් දිනා ගත් නමුත් ඔහු තම පිළිගැනීමේ කතාව භාවිත කළේ, තම පක්ෂය මැතිවරණයෙන් පරාජය වූ බව පිළිගැනීමට සහ ඒ බව තහවුරු කිරීමට ය.

බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදුවීම් ඉතා වේගයෙන් සිදු වේ. එනම්, මැතිවරණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කිරීම සහ නව අගමැතිවරයා පත්කිරීම අතර ඇත්තේ ඉතා සුළු කාලයකි.

රිෂි සුනක් පැය 24ක් ඇතුළත ධවල මන්දිරයට සමාන බ්‍රිතාන්‍ය ඩව්නිං වීදියේ පිහිටි සිය කාර්යාලයෙන් ඉවත්ව යනු ඇති අතර පසුව ශ්‍රීමත් කියර් ස්ටාර්මර් ඉක්මනින් එම ධූරයේ වැඩ භාර ගනු ඇත.

නමුත් ක්‍රියාපටිපාටියක් තිබේ. සුනක් තම ඉල්ලා අස්වීම රජුට ඉදිරිපත් කරනු ඇති අතර, සාමාන්‍යයෙන් බකිංහැම් මාලිගයේ පැවැත්වෙන රැස්වීමකදී මීළඟ රජය පිහිටුවීමට ශ්‍රීමත් කියර් වෙත රජු නිල වශයෙන් ආරාධනා කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 07ක දුරකථන රැහැන් කපාගෙන… මිනුවන්ගොඩ පොලිසියට කියලා වැඩක් නෑ…. මිනුවන්ගොඩ පළාතකම දුරකථන විසන්ධි ඇතැයි  ටෙලිකොම් කියයි!

Next Post

“මොරටු පුරවැසියාගේ ” ජනාධිපතිවරණය කල්දැමිමේ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.