මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් තුළට කිසිදු ක්‍රීඩක කළමනාකරුවකු ඇතුළත් කර නොගත යුතු බවට නීතියක් පනවා තිබේ.
ක්‍රිකට් ආයතනය විසින් මෙම පියවර ගෙන ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසිය අතර තුර මෙම ක්‍රීඩක කළමනාකරුවන් ක්‍රීඩකයන්ගෙන් කොමිස් මුදල් අය කර ගැනීමේ යටිකූට්ටු මෙහෙයුමක් සිදු කර ඇති බවට ඇති චෝදනාව නිසා බව ලංකාසරට වාර්තා වේ.
මේ එක් ක්‍රීඩක කළමනාකරුවකු ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ හා මිළ නියම කිරීමේ ඒජන්තයා ලෙස කටයුතු කර කොමිස් මුදල් ලෙස කෝටි ගණනක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ.
තවත් ක්‍රීඩක කළමනාකරුවකු ලංකා LPL නිල අයිතිය දරන IGP සමූහ ව්‍යාපාරයේ ඒජන්තයකු ලෙස මහනුවර කණ්ඩායමේ කටයුතු කර ඇතැයිද වාර්තා වේ.







