කීර්ති ප්‍රනාන්දු –
ඩොලරය රුපියල් 300ක මට්ටමකට පැමිණ තිබිය දී ත් ඒ වාසිය ශත පහකින් ජනතාවට ලබා නොදෙන ප්‍රධාන තිරිගුපිටි සමාගම් දෙකේ මාෆියාවත්, බේකරි නිශ්පාදනවල අමුද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති විශාල බද්දත් සම්බන්ධව තීන්දුවක් ගන්නට රජය මැදිහත් වෙනවා නම් පාන් ගෙඩියක් රුපියල් 20කින් හා බනිස් ගෙඩියක් රුපියල් 10 කින් මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන පවසයි.
මේ සඳහා සාකච්ඡාවකට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබුණු බවද සභාපතිවරයා කියයි. .
“අද වෙනකොට ඩොලරය රුපියල් 300ට බැහැලා තියෙනවා. නමුත් එම වාසිය අපට ලැබෙන්නේ නැහැ. තවමත් අපි දේශීය පිටි සමාගම් දෙකෙන් පිටි ලබා ගන්නේ කිලෝ වක් රුපියල් 190 ත් 200 ත් අතර තොග මිලකටයි.”
“ඩොලරයේ අඩුවීමට සාපේක්ෂව දේශීය සමාගම් දෙක පිටි මිල සත පහකින්වත් අඩුකරලා නැහැ. ඒ වගේම මාගරින්, යීස්ට්, පොල්තෙල් වලටත් ඒ වාසිය ලැබෙනවා. නමුත් ඒවත් අඩු කරලා නැහැ . මාගරින් කිලෝවක් අද වෙනකොට ලෝක වෙළඳපොලේ මිල රුපියල් 300යි. නමුත් අපි ගන්නේ රුපියල් 1000 ක මිලකට. “
“ලෝක වෙළඳපොළෙන් අපිට ගේන්න බැරිවෙලා තියෙන්නේ රජයෙන් කිලෝවකට රුපියල් 600ක බද්දක් ගහලා තියෙනවා . ඒ වගේම රජය දේශීය පිටි සමාගම් දෙකට කියන්න ඕනා පිටි මිල අඩු කරන්න කියලා. එසේ බැරි නම් පිටරටින් ගේන පිටිවලින් අය කරන රුපියල් 40ක බද්ද ඉවත් කරන්න ඕනා.”
“එහෙම වුණොත් අපිට පුළුවන් අඩු මිලට බේකරි නිශ්පාදන ලබා දෙන්න.”