බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොල්ලන් ගොබ්බයන් වූ රටක කෙල්ලන්ගේ වික්‍රම…. කෙල්ලො විස්සයි 20 මුල් තරගයත් කඩුළු 04කින් දිනුම්…

by editor
ජූනි 24, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කොල්ලන් ගොබ්බයන් සේ අකුලාගෙන පැමිණි පසු ක්‍රිකට් කෙල්ලන්ගේ වික්‍රමයන් දකිමින් සතුටුවන ජාතියකට තවත් මිහිරි කතාවක් කියන්නට තිබේ. එක්දින තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24) සූරියවැව දී  ආම්භ වුන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ඨ කඩුළු 04ක ජයග්‍රහණයක් වාර්තා කර ඇත.

විශ්මි සහ හර්ෂිතා…

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීම තේරුවේය. ස්ටෆානි ටේලර් සහ නායිකා හේලි මැතිව්ස් ඉනිම ආරම්භ කළහ. මුල් කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධතාවය ලකුණු 40කි.  ස්ටෆානි ටේලර් ලකුණු 11කි. නායිකා හේලි මැතිව්ස් පන්දු 30ක දී හතරේ පහර 05ක් සහිතව ලකුණු 30කි. ආලියා ඇලයින් ලකුණු 26ක් ලබා ගත්තාය. ඒ හතරේ පහර 3ක් සමග පන්දු 22ක දී ය. කිආනා ජෝෂප්  පන්දු 18ක දී ලකුණු 20ක් ලැබුවාය. හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එම ලකුණු 20ට ඇතුළත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් රැස් කළහ. මෙවර පන්දුවෙන් දස්කම් දැක්වූ විශිෂ්ඨ ක්‍රීඩිකාව වූයේ චමරි අතපත්තුය. ඇය පන්දු ඕවර 4 තුළ ලකුණු 29කට කඩුළු 4කි. ඇයට එක් වූ ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 28ක කඩුළු 03කි. අමා කාංචනා ලකුණු 19කට කඩුල්ලක් ලැබුවාය.  විස්සයි විස්ස තරගයක කඩුලු මෙන්ම ලකුණු සීමා කරන පන්දු යැවීමත් වැදගත්ය. එවැනි පන්දු යැවීමක් කාව්‍යා කාවින්දි විසින් කළාය. ඇය පන්දු ඕවර 2ක් යවා ලබා දුන්නේ ලකුණු 2ක් පමණි.

ලකුණු 135ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායමේ මුල්ම බලාපොරොත්තුව ලකුනු 14 දී බිඳී ගියේය. චමරි අතපත්තු ලකුණකට ක්‍රීඩා ගාරයට යැවීමට හේලි මැතිව්ස් සමත් වූවාය.

“චමරී ගැහුවොත් දිනුම්” කියන ආකල්පය එතැන් සිට තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙනස් කළහ. කාන්තා කණ්ඩායම මෙතෙක් සොයා ගත් යොවුන් ක්‍රිකට් සම්පත් අතර තමන් ප්‍රමුඛව සිටින බව ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න යළිත් තහවුරු කළාය. ඇය හතරේ පහර 6ක් සමග පන්දු 23ක දී ලකුනු 35ක් ලබා ගනිමින් චමරී නැති අඩුව පුරවන විට අනෙක් අන්තයෙන් ඇය හා එක් වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 34ක දී හතරේ පහර 3ක් සමග ලකුනු 35ක් ලැබුවාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකා කණ්ඩායමට විශ්වාසනීය ජයග්‍රාහී අඩිතාලම දමනු ලැබුවේ විශ්මි සහ හර්ෂිතා ය.  පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණ සම්බන්ධතාවය ලකුණු 46කි.

අනතුරුව මැද පෙළ පිතිකාරිණී හසිනි පීරිස් හතරේ පහර 3ක් සමග පන්දු 14ක දී ලකුනු 20ක් ලැබුවාය. අනතුරුව නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 17ක් සහ අමා කාංචනා නොදැවී ලකුණු 07ක් සමග තරගය නිමා කළහ.  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී  තිබිය දී ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කය ඉක්මවූයේය.

තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතය. අපට පුංචි පුංචි බලාපොරොත්තු උපදින්නේ එසේය.

 

.

 

ශ්‍රී

Tags: නවතම
Share69Tweet43
Previous Post

අශිෂ්ඨ අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියා පිළිවෙත මහා ව්‍යයසනයකින් අවසන් විය හැකියි!   … ශ්‍රී ලංකා අධිකරණසේවා සංගමය අනතුරු අඟවයි!   

Next Post

ඉන්දියානු ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයෙන් විසිවන ලකුණු!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.