ජූනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා දින තුනක කාලය තුළ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එම මධ්‍යස්ථානය අනුව ඊයේ දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.