සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහවල් ක්‍රිකට්!

by editor
ජූනි 3, 2024 - Updated on ජූනි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පිච් එක අවුල් වූවා විය හැකිය. අවුට් ෆීල්ඩ් එක ස්ලෝ වීම හෝ හතරේ සීමා විශාල වීම වැනි නහුතයක් කතා ඉදිරිපත් වන බව සැබෑය. ඒ පිට්ටනියේ ක්‍රිකට් ගැසීම ලේසි නැති බව පෙනුනේය.

ඒත් මෙහෙම ගොබ්බ ගැහිල්ලක් ගහන්නට වර්ල්ඩ් කප් එකකට ගියේ අහවල් එකකටදැයි ක්‍රීඩා ලෝලී අපට හිතුනේය. අපට එසේ හිතෙන්නට හොඳ නැත.  මුන් ගැහුවේ ජීවිතයේ පළමු වතාවට ක්‍රිකට් ගහන උන් ලෙසය. දැන් එහෙනම් ඇවිත් ගහපල්ලා වැනි අමන කතා කියන එක නැවැත්විය යුතුය. උන් 11 දෙනා පිට්ටනියට බැස්සේ  ක්‍රිකට් ගහන්නට බැරි නමුත් ක්‍රිකකට්වලට ආදරය කරන අප නියෝජනය කරන්නටය.  මිලියන 20ක මිනිස්සු සහිත රට නියෝජනය කරන්නටය.

අනෙක් හැමදේම ගැහුවත් ක්‍රිකට් ගහන්නට කාලයක සිට අපේ කණ්ඩායමට නොහැකි වීම තේරුම්ගත නොහැකිය. ඉන්දියාවට එක් දින ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලකුණු 50කට දැවී ගියේත්, ලෝක කුසලාන තරගයේ ලකුණු 55කට දැවී ගියේත් මේ ලෙසමය. ක්‍රිකට් ගහන්න අමාරු බව කියාගෙනය.

ඒ ශ්‍රිලංකා කණ්ඩායම අද  මරණීය වර්තාවක් තිබ්බේය. ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමිනි. විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තමන් ලද  අඩුම ලකුණු සංඛ්‍යාවට අද ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගියේය.
මෙය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ 14 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවය. අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඇත්තේ නෙදර්ලන්තය සතුවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරගයට මොකද වුනේ

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. පන්දුවට පහරදීම තේරුවේ ඔවුන්ය. එය ඉතාම අනුවන තීන්දුවක් බව වැටහෙන්නේ තණතීරුවේ මන්දගාමී පෘෂ්ඨයේ හැසිරීම තේරුම් ගැනීමට තරම් පරිචයක් එකම පිතිකරුවෙක් සතුව හෝ නොතිබීම ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වෘත්තීය භාවය සම්බන්ධව ගැටලුවක් මතුවන්නේ මෙවැනි අනපේක්ෂිත පරිසරයක දී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව ප්‍රායෝගික ඥානයක් නොමැති වීම නිසාය. ඒ අවස්ථා කළමනාකරණය කරගැනීමට ඔවුන් දැඟලුවේ අනුකම්පා හිතෙන ආකාරයට ය. හොඳටම දුක හිතෙන්නේ නායකයා වූ වනිදු හසරංග දැවී ගිය ආකාරයේ වගකීම් රහිත ස්වරූපය දුටු විටය. විකට්ටුව විවෘත කර පහර දෙන්නට යන දසුන් ශානකගේ පොළු ගැලවෙන විටය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තේරුවේය. පැතුම් නිශ්ශංක ලකුණු 03කි. පන්දු 30කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 19කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 11කි. වනිඳු හසරංග ලකුණු ලබා ගත්තේ නැත. කශේව් මහරාජ්ගේ පන්දු දඟ කැවෙන ආකාරය දැක දැක සීමා ඉරෙන් පිටතට පැමිණ පහර දෙන්නට යන වනිඳු හසරංග ක්වින්ටන් ඩි කොක් විසින් ස්ටම් කිරීමකට හසුකරගන්නේය. සධීර සමරවික්‍රම තමන් මුහුණ දුන් මුල්ම පන්දුවෙන් ලකුණු නොලබා දැවී යන්නේ කේෂේව් මහරාජ් ඉදිරියේ වම් ඉන්න කුඩු කරගනිමිනි.

චරිත් අසලංක ලකුණු 06කි. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 16කි. දසුන් ශානක ලකුණු 09කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ලකුණු 77 කි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සියලු දෙනාම විශිෂ්ට පන්දු යැවීමකය. අති විශිෂ්ට පන්දු යැවීම තරගයේ වීරයාත් වූ එන්රිච් නොර්ට්ජේ ගෙනි. ඔහු පන්දු ඕවර 4ක් යැව්වේය. ලබා දුන්නේ ලකුණු 07කි. කඩුළු 04ක් දවා ගත්තේය. විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි අති විශිෂ්ට හැකියාවන් ප්‍රකටවන අවස්ථා විරලය.

එන්රිච් නොර්ට්ජේ

කගිසෝ රබාඩා ලකුණු 21ට කඩුළු 2කි. කේෂව් මහරාජ් ලකුණු 22 ට කඩුළු 2කි. ඔට්නෙයිල් බාර්ට්මන් පන්දු ඕවර 4 යැව්වේ ලකුණු 09කට ය. කඩුල්ලක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුනු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 16.2ක දී කඩුළු 4ක් පමණක් දැවී ඉලක්කය පසු කර ගියේය.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 20ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 19ක් ලැබුවේය. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුළු 02ක්, නුවන් තුෂාර සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලැබුවේය.

මැච් බලන ක්‍රීඩා ලෝලීන්ට කිව යුතුව ඇත්තේ පැපුවා නිව්ගිනියා වලින් ගුටි කෑවත් අපේ කණ්ඩායම වගේ ඉවසන්නට පුරුදුවන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද පහර දී පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහලේ!

Next Post

දියේ ගිලීම් පස්කඳු කඩා වැටීම් නිසා පසුගිය දින තුන තුළ මරණ 17ක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.