බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන  ජනපති අතින්  අද විවෘතවුන  උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ  කතාව…  

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ වර්ෂ 2008 අප්‍රේල මස 29 වැනිදාය. මුල්ගල තබන්නේ වැල්ලවාය අලිකොටආර ප්‍රදේශයේය.  එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ් ගේ  ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව පැවැත්වෙන ආරම්ක උත්සවයේ දී ව්‍යාපාරයට මුල් ගල තබන්නේ ඉරාන ජනපති අහමඩිනෙජාඩ්ය.

2008 වර්ෂයේ ඉරාන ජනපතිවරයෙක් ලංකාවේ කළ සංචාරයට පසු අවුරුදු 16ක කාලයක් ගතවී ඇත. යළිත් වරක් ඉරාන ජනාධිපතිවරයෙක් රටේ සංචාරය කරන්නේය. අද ඔහු ලංකාවට පැමිණියේය. ඒ ලෝකයේ බරපතල ආන්දෝලනයකට ලක්වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ය.  අද උදේ ඔහු මත්තල ගුවන්තොටුපලින් ලංකාවට පැමිණියේය. ඒ මොහොමඩ් අහමඩිනෙජාඩ් මුල්ගල තබා අවුරුදු 16කට පෙර ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්නටය.

ව්‍යාපෘතියේ පූර්ණ  ව්‍යා  වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 514කි. ඊට ඉරානය මෙන්ම ශ්‍රී ලංකාව මුල්‍ය දායකත්වය සැපයූවේය. ව්‍යාපෘතිය ආරම්භයේ දී ඩොලර් මිලියන 50ක් ඒ සඳහා ඉරානය විසින් මුදා හැරිනි. එහෙත් වර්ෂ 2010 අග භාගය වනවිට  ඉරානයට එල්ල වූ එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් ව්‍යාපෘතිය පවත්වා ගැනීමට ඉරාන පාර්ශවයට ද අර්බුදයක් ඇති විය. අනතුරුව අරමුදල් සිඳී ගොස් උමා ඔය ව්‍යාපෘතිය අතරමග නවතින ලකුණු පහළ විය.  මේ තත්ත්වය තුළ ව්‍යාපෘතිය පවත්වා ගැනීමට අරමුදල් සැපයා ගැනීමට රටට සිදුවිය.

එමෙන්ම බලාපොරොත්තු නොවුන පරිසර ගැටලු ඇති වුනේය. ගම්වැසියන්ගේ විරෝධය බුර බුරා ඇවිලිනි. අනතුරුව කොවිඩ් වසංගතය පැමිණියේය. මේ කාරණා හේතුවෙන් ව්‍යාපෘතිය බලාපොරොත්තු කාල රාමුව තුළ නිමා කිරීමට නොහැකි වූයේය. එය ව්‍යාපෘතියට එක් කළ ඩොලර් මිලියන ගණනක අතිරේක පිරිවැයක් විය.  ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ කර ජාතික ධනය ව්‍යසනයට ලක් කළ බවට ජනතා විමුකිති පෙරමුණට චෝදනා එල්ල වූයේය.

නිමා වූ වේල්ල…

ව්‍යාපෘතියේ ප්‍රතිලාභ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම ය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවූ හානිය

මහත් ආන්දෝලනයට ලක්වූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,000ක් පමණ හානියට පත්වූ බවත් පවුල් 500 කට අධික සංඛ්‍යාවකට සිය නිවෙස් අහිමි වූ බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සහ ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

“ආණ්ඩුව මේ වෙලාවේ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා විශාල ප්‍රතිලාභයක් ගෙනත් දුන්න ව්‍යාපෘතියක් අඩපණ කරන්න ඒ කාලේ අපි කිසිදු සාධාරණ හේතුවකින් තොරව විරෝධතා දැක්වුවා සහ බාධා කළා කියලා. ඒක සහමුලින්ම වැරදි.”

“මෙම ව්‍යාපෘතියට මුල් ගල තැබීම ම රටේ නීතියට අනුව වැරදි. ඒ මුල්ගල තැබීම නීතිවිරෝධී කියලා අපි කියන්නේ ජාතික පාරිසරික පනතට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පෙර පාරිසරික ශක්‍යතා වාර්තාවක් සකස් කරලා එය අනුමත කර ගත්තාට පස්සේ.”

“අපි අධිකරණයට යද්දී ආණ්ඩුව කළේ බාගෙට කරගෙන යමින් තිබු ව්‍යාපෘතිය වෙනුවෙන් පාරිසරික ශක්‍යතා වාර්තාවක් හදලා ඒක ඉදිරිපත් කරලා වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියා.”

“එහෙම කරන් යද්දී මහා විනාශයක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි උද්ඝෝෂණ උත්සන්න කරන්න පටන් ගත්තා. ”

වේල්ල ඉඳිවෙමින්… වර්ෂ 2018…

කඳු මුදුන්වල අවිධිමත් ඉදිකිරීම් සිදුකිරීමේ අවදානම කුමක් ද?

“ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩාවට විනාශයට පත්වෙච්ච ගම්බිම් වෙනුවෙන් සහන සලසන්න කියලා රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ මේ උමා ඔය ව්‍යාපෘතියයි.”

“බණ්ඩාරවෙල නගරයේ ‘උමාඔය සහන ලේකම් කාර්යාලය’ කියලා පිහිටුවලා අමාත්‍යාංශ ලේකම්වරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරලා පිඩාවට පත්වූ ජනතාවට සහන සලසන්න පටන් ගත්තා.”

“ඒ කාර්යාලය මාසිකව නිකුත් කරපු වාර්තා අපි සතුව තිබෙනවා. ඒ වාර්තා අනුව මෙ වෙද්දී උමා ඔය ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 13,000ක්.”

හානි වුන නිවාස…

“දැන් මාස දෙකකටත් උඩදී විදුලි බලාගාරයේ සිට මීටර් 500ක් දුරින් පිහිටි නිවාස 7ක් විනාශ වුණා වැසි තත්ත්වය එක්ක ඇතිවූ නාය යෑම් නිසා.”

“මේ ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම නිවෙස් වලින් ඉවත් කරපු පවුල් සංඛ්‍යාව 506ක්. මේ විනාශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට බලපෑම් එල්ල කර තිබෙනවා.”

“මේ ජනතාවට තමන්ගේ නිවාස, කුඹුරු ගොවි බිම් හානි වුණා වගේම ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා.”

“අපි සංවර්ධන ක්‍රියාවලිය නිසා මිනිසුන්ට වගේම පරිසරයට වෙලා තිබෙන හානිය ගණනය කරලා නැහැ තවම. ඒ නිසා මේ ව්‍යාපෘතිය හරහා මෙච්චරක් ලාභයි කියලා ගණනය කරලා කියන කතා ගැනත් අපිට අහන්න ලැබෙනවා.”

“මේ උමා ඔය ව්‍යාපෘතිය කරන තෙවන විවෘත කිරීම ජනතා මුදල් වියදම් කරලා.”

“එක පාරක් ලොකු මහජන මුදලක් වියදම් කරලා උමා ඔය හදලා ඉවරයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවෘත කිරීමක් කළා.”

“ඒ වගේම රාජක්ෂවරු විවෘත කළා, දැන් අද රනිල් රාජපක්ෂ විවෘත කිරීමක් කරනවා.”

“මේ ව්‍යාපෘතියට මුල්ගල තියෙන උත්සවයට කොපමණ මුදලක් වැය වුනාද කියලා එවකට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඉද්දි වාරි මාර්ග ඇමති චමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරලා ඇහුවම ඔහු කියා සිටියා ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 287ක් ගියා කියලා.මේ හරහා අතයට සිදුවුණු ගණුදෙනු පවා තිබෙනවා.”

“මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට සිද්ධ වුණු හානිය තවම අවසන් නැහැ. අනාගතයේ නාය යෑම්, ගිලා බැසීම් වාගේ දේවල් වලට අපේ අනාගත දරු පරපුරට මුහුණ දෙන්න වෙයි.”

“කියන්න තියෙන්නේ අධිකරණයට ගිහින් හානියට පත්වුණු ජනතාවට කොහොම හරි වන්දී අරන් දුන්නට පරිසරයට, ගහට කොළට සිද්ධ වුණු හානියට වන්දි අරන් දෙන්න විදිහක් නැහැ කියලා.” ඔහු කියා සිටියේය. ( බීබීසී ඇසුරින්)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉරාන ජනපති මත්තලින් ලංකාවට ගොඩබසී!

Next Post

දමිතයි සැමියයි ඇප මත නිදහස්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.