උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මීට සුළු මොහොතකට පෙර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා විය.
මත්තල ගුවන් තොටුපළේදී ඔහු පිළිගනු ලැබුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන විසිනි. ඔහු වෙනුවෙන් අති විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් රට තුළ දියත් කර ඇත.
ජනාධිපති රයිසි සිය එක්දින නිල සංචාරයේදී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කරනු ඇත.
මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධිකය. ඊට ඉරානය මෙන්ම ශ්‍රී ලංකාව මුල්‍ය දායකත්වය සපයා තිබේ.
මෙම සංචාරය තුළදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 05 කටද ඉරාන ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමට නියමිතව තිබේ.