එට්කා ඇතුළු රටට අහිතකර ගිවිසුම් සහ ” රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා ” සෙනසුරාදා (30) උදෑසන 5 සිට රුවන්වැලි සෑය අභියස කිරි ආහාර පූජාවක් ඇතුළු මහා අධිශ්ඨාන පූජාවක් පැවැත්වීමට ජාතික ගොවිජන එකමුතුව සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගීවන ලෙස සියලුම ජාති හිතෛශී පිරිස් වෙත ඇරයුම් කරන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.